Daily News
Trending

ප්‍රශ්න අහලා මාව අමාරුවේ දාන්න අමාරු වෙයි. – විනූ සිරිවර්ධන

Vinu Siriwardana




Vinu Siriwardana Exclusive from Starfriends.lk

විනූ මාධ්‍ය එක්ක ගනුදෙනු කරන්නේ හරිම පරිස්සමෙන්. විශේෂයෙන්ම පෞද්ගලික ජීවිතයේ බොහෝ තොරතුරු ඇය මාධ්‍යයට හෙළි කරන්නේ නැහැ.

මෑතකදී සිදු කරපු පුවත්පත් සාකච්ඡාවකදී විනූ කියලා තිබුණේ එයාව ප්‍රශ්න අහලා නම් අමාරුවේ දාන්න අමාරුයි කියලා.

හැමදාටම ටෙලිනාට්‍ය නිළියක් වන්න විනූට අදහසක් නැහැ. විවාහ වෙච්ච කාලෙක සිනමා රංඟනයේ විතරක් රැඳී ඉන්න බොහෝ විට සිදුවේවි කියලා ඇය කියනවා. ටෙලිනාට්‍ය එක්ක වැඩ කරද්දී විවේකය අඩුයිනේ. ඒකයි ඇය දැන්ම එහෙම තීරණයක ඉන්නේ.

විනූට චිත්‍ර ඇඳීමේ හැකියාවක් තියෙනවා කියලා ඔයාලා දැනගෙන හිටියේ නැහැනේ. චිත්‍ර ඇඳලා විනූ සමස්ත ලංකා මට්ටමට පවා ගියපු කෙනෙක්.

අනෙක් අතට විනූට මෝස්තර නිර්මාණකරණයේ හැකියාවත් තියෙනවා. ඇය අඳින පළඳින විලාසිතා බොහොමයක් ඇය විසින්ම නිර්මාණය කරගත්ත ඒවා. විනූට අයිඩියා එකක් තියෙනවා තමන්ගේම නිර්මාණ වෙළෙඳපොළක් හදාගන්න. ඉස්සරහට ඒ දේවල් වෙයි කියලා අපි හිතනවා.

මේ දවස්වල නම් විනූ ටෙලිනාට්‍ය කිහිපයකම දකින්න ලැබෙනවා. ඒ වැඩ අතරේ විනූගේ විවාහයත් මේ වසරේ දී ම සිදුවෙයි කියලා අපිට හිතෙනවා. ඒ විස්තර කිසිවක් විනූ නම් කියන්නේ නෑ හැබැයි.

රංඟනයේ දී විනූ සාර්ථකයි. ඒ සාර්ථකවය දිගටම පවත්වා ගන්න ඇයට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Vinu Siriwardana Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close