Daily News
Trending

ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලකට හදිසි සැත්කමක්.




සම්මානනීය සිනමා නළු සනත් ගුණතිලක මහතා හදිසියේම ඇති වූ අසනීප තත්ත්වයක් නිසා කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කළා කියලා අපට දැන ගන්න ලැබුණා. සනත් ගුණතිලක මහත්මයාට බයිපාස් සැත්කමක් සිදු කරන්න වෛද්‍යවරුන් වහා පියවර ගත් බවත් දැන ගන්න ලැබුණා.

සාර්ථකව සිදු කෙරුණු මෙම බයිපාස් සැත්කමෙන් පස්සේ එතුමන් ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බව සඳහන් කරලා තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදියකු වන අර්නස්ට් වඩුගේ මහත්මයා.

ඉතින් හදිසියේ අසනීප වෙලා දැන් සුවය ලබමින් සිටින ප්‍රවීණ රංඟන ශිල්පී සනත් ගුණතිලක මහත්මයාට ඉක්මනින්ම සුවය ලැබෙන්න කියලා ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් ප්‍රාර්ථනා කරනවා.

Tags
Show More
Close