
මේ වෙනකොට බොලිවුඩයේ ඉන්න වැඩිම ඉල්ලුමක් ඇති නිළියක් තමයි දීපිකා පදුකෝන්. සංජය බන්සාලිගෙ අතිසාර්ථක සිනමාපට හතරකම රංගනයේ යෙදුන දීපිකාව නැවතත් ඔහුගේ අලුත්ම නිර්මාණයට තෝරගෙන කියලා ආරංචියි.
ඉස්නාල්ලා නම්බ්වු බන්සාලිගෙ මේ සිනමාපටයට තෝරගෙන තියෙන ප්‍රධාන නළුවා වෙන්නේ ඉන්දියාවේ තවමත් සිහින කුමාරයගේ කිරුළු දරන් ඉන්න සල්මන් කාන්ව. මීට පෙර සල්මන්ද බන්සාලි සමඟ සිනමාපට කිහිපයක එකට වැඩ කරලා තියෙනවා.
මෙ සල්මන්කාන් සහ දීපිකා පදුකෝන් එකට රඟපාන පළමු අවස්ථාව කියලා තමයි ඉන්දියානු මාධ්‍ය කියන්නෙ. ගොඩදෙනෙක් මේ නිර්මාණය ගැන බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද මේ සංජයගෙ සිනමාපට මෙන්ම මේ දෙදෙනා රංගනයෙන් එකතු වුන කිසිම සිනමාපටයක් අසාර්ථක වෙලා නැති නිසා.