
Aladdin Movie Exclusive from Starfriends.lk
“ඇලඩින් ඇලඩින් පහන දීපන්” කියල කිව්වේ එම්. එස්. ප්‍රනාන්දු ලංකාවේදී. ඒත් මේ කියන්න හදන්නේ එම් එස් ප්‍රනාන්දුගේ සින්දුවක් ගැණ නෙවෙයි. මේ කියන්නේ ඇලඩින් සහ පුදුම පහන කතාව ඇසුරින් හදපු චිත්‍රපටයක් ගැන. ඇලඩින්ගේ චරිතයක් ෆිල්ම්ස් වලට එන්න ඉස්සෙල්ල මිනිහ හිටියේ චිත්‍ර කතාවක. කොටින්ම කියනවා නම් කාටුන් ෆිල්ම් එකක. ඉස්සෙල්ලම පාර 1927 මේ ෆිල්ම් එක කරාට පස්සෙ 1936,1959,1970,1982, 1992 වගේ අවුරුදුවල ආයිත් නිර්මාණය වුණා. ඒ වුණත් සජීවී රූපත් එක්ක ඇලඩින් සහ පුදුම පහන චිත්‍රපට නිර්මාණය වුනේ 1977දී . ඉන්පස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රධාන films 16ක් නිර්මාණ වෙලා තිබුණා. ඒ අතරෙ 16 වන තැන තියෙන්නේ 2018 දී ලංකාවේ දී නිර්මාණය වුණු ” ඇලඩින් සහ පුදුම පහන’ film එක.
මේ විදියට හදපු ඇලඩින් films වලින් 1992දී වෝල්ට් ඩිස්නි සමාගම නිර්මාණය කළ film එක ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා. ඒකට ගියපු වියදම අමරිකන් ඩොලර් මිලියන විසි අටක් උනත් එයින් ගත්ත ලාභය නම් ඇමෙරිකාන් ඩොලර් මිලියන පන්සිය හතරකටත් වඩා වැඩියි කියලයි කියන්නේ. ඒ විදියක ආදායමක් ලබා ගත්ත ඇලඩින් ෆිල්ම් එක imdb දර්ශකයේ 8-10 අතර තමයි තිබුණේ. අපි මේ කතා කතාකරන කරන ඇලඩින් ෆිල්ම් එක පරිගණක සජීවිකරණ එක්ක අයිත් හදනවා කියලා ඉස්සෙල්ලම පාරට කිව්වේ 2016 ඔක්තෝම්බර් මාසෙදි. අන්න ඒ කියපු දේ දැන් හරි ගිහින් තියෙනවා. මෙහෙම හදපු චිත්‍රපටය නම් කෙරුණේ ඇලඩින් සජීවී සංගීතමය චිත්‍රපටයක් විදිහට. මේ ෆිල්ම් එක මැයි 24 වෙනිදා ඉඳලා තිරගත වෙන්න පටන් ගත්තා.
මේ ෆිල්ම් එක direct කරලා තියෙන්නෙ එංගලන්ත ජාතිකයෙක් වෙච්ච ගයි රිචී. ඇලඩින්ගේ පහනෙ බූතයා විදියට ඉන්නේ කවුරු කියලද හිතන්නේ. එයා තමයි ඕගොල්ලො කවුරුත් හොඳින් දන්න ජනප්‍රිය නළුවෙක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි විල් ස්මිත්. ඊජිප්තියානු අරාබි සම්භවයක් තියෙන මෙනා මසුද් ඇලඩින් ගේ චරිතයට පණ පොවන කොට ස්කොට් ජැස්මින් කුමරියගේ චරිතයට සම්බන්ධ වෙනවා. මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය තමයි 1992 වසරේදී තිරගත වුණු film එකේ තිබුන ගීතයක් මේ film එකටත් සම්බන්ධ කරගැනීම. Film එනේ සංගීත අධ්‍යක්ෂණය ඇලන් මෙන්කන්ගෙන්.
ඇලඩින්ගේ පුදුම පහන කතාව එන්නේ එක්දහස් එක් රැය කියන අරාබි,තුර්කි ඉන්දියානු ,ග්‍රීක සහ යුදෙව් සම්භවයක් ඇති කතා සමූහයකින්. මේ කතා සමූහය මුලින්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වෙලා තියෙන්නේ 18 වැනි සියවසේදී. ඉතින් අපි මේ කතා කරන ජන කතා මාලාව එදාමෙදාතුර ටෙලි නාට්‍ය, චිත්‍රපට විශාල සංඛ්‍යාවට ලෝකය පුරා සම්බන්ධ කරගෙන නිර්මාණ වෙලා තියෙනවා. ලෝකය පුරා මේ චිත්‍රපටය තිරගත වීමත් සමඟ සමඟ ඉන්දියාවෙත් මේ චිත්‍රපටය ජනප්‍රිය වුණා. සමහරවිට ඇලඩින් පුදුම පහනත් අරගෙන ඉන්දියාවට ආවේ තමන්ගේ නෑ හිත මිතුරන් බලන්නද දන්නෙත් නෑ.
Aladdin Movie Exclusive from Starfriends.lk