
Wathsala Diyalagoda Exclusive from Starfriends.lk
ඉතාම කෙටි කාලයක් තුළ ටෙලිනාට්‍ය කලාව තුළ අතිශය ජනප්‍රිය නිළියක් වූ වත්සලා දියලගොඩ ඊට පසුව නිසි කල වයස එළැඹුනාම විවාහ දිවියටත් ප්‍රවිශ්ට වුණා. දැන් ඇය වයස අවුරුදු පහක සුරතල් දියණියකගේ මවක්. බිරිඳක සහ මවක ලෙස වත්සලා තමන්ගේ ජීවිතයේ වගකීම් නිවැරදිව හඳුනා ගන්නවා. නිළියක ලෙස සාර්ථකත්වයේ හිනිපෙත්තේ හිටපු වත්සලා තමන්ගේ ආදරණීය පවුල වෙනුවෙන් ජනප්‍රියත්වය පවා කැප කරනවා.
නිර්මාණ කාර්යයෙන් මේ විධියට වත්සලා තරමක් දුරට ඈත් වෙලා සිටියත් ඇයට තිබුණ ප්‍රෙක්ශක ආකර්ශනයේ කිසිම අඩුවක් දකින්න ලැබුණේ නැහැ. දවස ගානේ ඕනෑ තරම් අලුත් මුහුණු දකින්න ලැබෙන මේ ෆීල්ඩ් එකේ ජනප්‍රියත්වය ස්ථාවරව පවත්වා ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අනෙක් අතට වත්සලාගේ නංගිත් රංඟනයට ප්‍රවේශ වෙලා සිටින වෙලාවක.
අදටත් ජනප්‍රියත්වයේ වෙනසක් නැතිව රසික රසිකාවන් අතර සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න වත්සලාට හැකි වුණේ කොහොමද? ඒකට හේතුවක් ඇය පුවත්පත් සාකච්ඡාවකදී ඉඟි කරලා තිබුණා. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් විධියට තමයි බොහෝ දෙනා වත්සලාව හඳුනා ගන්නේ. නිතර නිතර වෙන්වීම් ගැන අහන්න ලැබෙන කලා ලෝකයේ ආදරයෙන් වෙලිලා ඉන්න කුරුළු කූඩුවක් වත්සලාට තියෙනවා. මේ නිසා ඇය සම්බන්ධයෙන් බොහෝ දෙනාට තියෙන්නේ විශේෂ පැහැදීමක්. මෙන්න මේ විධියට වත්සලාව තේරුම් ගත්ත පිරිස ඇයව නිර්මාණ කාර්යයකින් නොදැක්කත් සුපුරුදු සෙනෙහස පළකරනවා. මොකද ලංකාව වගේ රටක පවුල් සංස්ථාවේ බැඳීම් සම්බන්ධයෙන් විශාල වටිනාකමක් පිරිනමනවා. කවදාවත් කතාවක් හදාගන්නේ නැතිව නම රැක ගත්ත නිසා වත්සලාට පවුල් සංස්ථාව රැකගන්න වගේම නම හදාගත්ත නම රැක ගන්නත් හැකියාව ලැබෙනවා.
වත්සලා හැමදාටම රංඟනයෙන් ඈත් වෙලා නැහැ. ඇය ඉඩක් ලැබෙන විධියට රඟපානවා. දරුවත් එක්ක ෂූටින් සඳහා දුර ගමන් යාගන්න බැරි වුණත් ඇය පහසු තත්ත්වයන් යටතේ ලැබෙන හොඳ නිර්මාණයකට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නවා. දරුවා ටිකක් ලොකු වුණාම කලාව වෙනුවෙන් වර්තමානයට වඩා කැපකිරීමක් කරන්න පුළුවන් වෙයි කියලත් ඇය කියලා තිබුණා.
මේ දවස්වල වත්සලාගේ නංගි බුවනිත් ඉන්නේ රංඟන කටයුතුවලින් තරමක් ඈත්වෙලා. ඒකට හේතුව පෞද්ගලික ජීවිතයේ යම් වෙනසක් කියලා වත්සලා කියනවා. ඒ වෙනස තමයි බුවනිගේ විවාහය. වත්සලා වගේම බුවනිත් වෘත්තීය ජීවිතය වෙනුවෙන් විවාහ ජීවිතය කැප කරන්න සූදානම් නැති බව අපිට දැනගන්න ලැබෙනවා.
Wathsala Diyalagoda Exclusive from Starfriends.lk