Daily News
Trending

පරණ හීනය බිඳුණු නයනතාරා දැන් අලුත් හීනයක..

Nayanathara Wickramarachchi




Nayanathara Wickramarachchi Exclusive from Starfriends.lk

නයනතාරා කිව්වම ගොඩක් අයගේ ඔළුවට එන්නේ ඉන්දියන් නමක්. මොකද ඒ නමේ අමුතු විදියේ ඉන්දියන් ලුක් එකක්නේ තියෙන්නේ. ඔව් ඉතින් නම ඉන්දියන් එකක් වගේ තිබ්බට අපි මේ කතා කරන්න හදන්නේ ලංකාවේ නයනතාරා ගැන. ඔහොම නෙමෙයි කොහොම කිව්වත් ලංකාවේ නයනතාරාව ඉතින් කවුද කියල අඳුරන්න බැරි අයට එයාව අඳුන්නලා දෙන්න තියෙන්නෙත් වෙනම නමකින්. එයා තමයි දෙවෙනි ඉනිමේ දෙව්මි. අම්මෝ ඉතින් නේද?.. එහෙම කිව්වමනේ අපි මෙයාව හරියටම අඳුර ගත්තේ. වේලාසන එහෙම කියන්න එපාය කියලා ,සමහරු කියන්නත් බැරි නෑ. කොහොම වුණත් දැන් දෙවෙනි ඉනිමේ දෙව්මි විදියට නයනතාරා ගෙදරට ගොඩ වැදුණත් එයාගේ මුල්ම ටෙලිය වෙලා තියෙන්නේ නම් දෙවෙනි ඉනිම නෙමෙයි. මුල්ම එක සිවගුරුනාදන්ගේ හංස පිහාටු ටෙලි ඩ්‍රාමා එක. ඉන්පස්සේ ‘එරන් ලන්දු’ කියන ඩ්‍රාමා එකකත් රඟපෑව නයනතාරා එයාගේ තුන්වෙනි ටෙලිය විදියට තමයි දෙවෙනි ඉනිම තෝරා ගත්තේ. ඒ මොන මොන විදියේ වැඩ කරත් ඉතින් නයනතාරාට lucky ඩ්‍රාමා එක වුනේ දෙවැනි ඉනිම. ඒකනේ දෙවෙනි ඉනිමේ දෙව්මි කියලම කවුරු වුණත් එයාව අඳුන්නලා දෙන්නේ. නයනතාරා පහුගිය කාලයක් තිස්සේම දිගට හරහට ජනප්‍රිය නිළිය වෙන්න පටන් ගත්තා. 2016 රයිගම් සම්මාන උළෙලින් ජනප්‍රියම නිළිය වෙලා සම්මාන පෝලිම පටන් ගත්ත මෙයා ඒ අවුරුද්දෙම සුමති සම්මාන උළෙලේ හොඳම නිළිය වුණා. ඒ විතරක් නෙවෙයි 2016 2017, 2018 අවුරුදු වල slim Nielsen award actress of the Year සම්මානය හම්බ වුනෙත් නයනතාරාටමයි. හැබැයි හොඳම නිළිය සම්මානය, ජනප්‍රියම නිළිය සම්මානය දිනාගත්ත නයනතාරා නම් ඒ ගැන කියන්නේ මෙන්න මේ විදියට.

නිතර නිතර t.v. එකේ දකින්න හිටියා කියලා ජනප්‍රිය සම්මානය ගන්න බැහැලු. එයා කියන විදිහට නම් ප්‍රේක්ෂක ආදරයයි , පිලිගැනීමයි එක්ක දක්ෂතාවය තියෙන්නත් ඕනලු. ගොඩක් අය ෆීල්ඩ් එකට ආවට පස්සේ යන විදියක් තියෙනවානේ. ගොඩක් වෙලාවට වෙන්නේ ටෙලි ඩ්‍රාමා වලින් පස්සේ ෆිල්ම්වලටනේ එන්නේ. අන්න ඒ තියරිය තමයි නයනතාරාත් follow කරේ. ඔන්න ඉතින් අපි දන්නෙත් නැතුව නයනතාරාගේ ෆිල්ම් හතරක්ම මේ අවුරුද්දේ release වෙන්න තියෙනවලු. ඒ කියන්නේ 2019 අවුරුද්ද නයනතාරාගේ ෆිල්ම් පෝලිමක් එන අවුරුද්දක්. ඉතින් දැන් නයනතාරා කියන්නේ ජනප්‍රිය නිළියක් විතරක් නෙවෙයි ලස්සන කෙල්ලෙක්. මේ වගේ කාල වලදී ඉතින් ඕන කෙනෙක්ට එක එක අලුත් දේවල් වෙනවනේ. කොටින්ම ආදරේ ගැන අමුතු කතා. එහෙම බැලුවම නයනතාරාටත් ඒ විදියේ කතා නොතිබෙන්න විදියක් නෑ. ඒත් ඉතින් ආදරේ ගැන අලුත් කතා ගැන නම් නයනතාරා කියන්නේ මෙහෙමයි.

සමහර පිරිමි ළමයි නම් කෙලින්ම ඇවිත් මූණටම එයාට ආදරෙයි කියලා කියනවලු. තවත් අය වටින් ගොඩින්ගේන විවාහ යෝජනාවලින් නම් ඉවරයක් නෑලු. ඒවා අනන්තයි .අප්‍රමාණයිලු. ඒත් ඉතින් ආදරේ කරන්න නම් මේක වයස නෙවෙයි කියලයි නයනතාරා කියන්නේ. කොහොම උනත් පොඩි කාලේ ඉඳලා අපි හැමෝටම එක එක විදියෙ හීන තියෙනවා.

ඒකෙ ආයෙ දෙකක් නෑ. නයනතාරාටත් ඒ වගේ හීන තිබිලා තියෙනවා. ඒත් ඉතින් එහෙම වුණත් හීන බිඳිලා යන්න වැඩි වෙලාවක් යන්න නෑනේ. ඒ හීනේ බිඳ වැටිලා තියෙන්නෙත් මේ රඟපෑම හින්දයි. කවුරු වුණත් කාට උනත් වුනත් තමන්ගේ හිතේ තියාගෙන හිටිය හීන බිඳිලා යනවයි කියන්නේ ඒක හිතට හරි අමාරු වැඩක් තමයි. ඒත් ඒ බිඳිලා ගිය හීන මත්තෙම නැහෙන්නෙ නැතුව ඒකෙන් තව තවත් හීන ගොඩනගාගන්න එක තවත් අයගේ සිස්ටම් එකක්. නයනතාරා කරන්නේත් අන්න එහෙමලු. ඉස්සර ඉඳලා නයනතාරාගේ බලාපොරොත්තුව තිබිල තියා තියෙන්නෙ ලෝයර් කෙනෙක් වෙන එක. එත් ඒ බලාපොරොත්තුව එහෙම වෙලා නෑ. ඒකට හේතුවෙලා තියෙන්නේ එයා රඟපාන්න ආපු නිසාලු. ඒකලු ඒ දේ කරගන්න බැරිවුණේ. දැන් ඉතින් නයනතාරාගේ බලාපොරොත්තුව රඟපෑම පැත්තෙන් වෘත්තීය නිළියක් වෙන එකලු. අන්න ඒකයි දැන් එයාගේ අලුත්ම හීනය.

Nayanathara Wickramarachchi Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close