Daily News

නෙහාරා ඉන්න කැමති කොණ්ඩෙ කඩාගෙනමලු – නෙහාරා පිරිස්




ෆිල්ම් එකක හරි ටෙලියක හරි act කරනවා කියන්නේ ඉතින් ඒකටම හරියන රූප සම්පත්තියත් තියෙන්නම ඕන. රූප සම්පත්තියක් තිබුනාට ඉතින් ඇඟපත උස මහත නම් ඒකට වැදගත් වෙන්නෙම නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. කිය කිය ඉන්නවටත් වඩා ඒකට පේන්න තියෙන උදාහරණ ගෙනල්ල ඉස්සරහින්ම තියෙන එක තමයි හොඳම දේ. අපිට ගෙනල්ල තියන්න පුළුවන් හොඳම උදාහරණය වෙන්නේ නෙහාරා පීරිස්. ඒකට නං ඉතිං කවුරුත් එකඟ වෙයි. නෙහාරාගෙත් වැඩ ඉතින් උසේ හැටියට නම් නෙවෙයි. මේ වෙනකොට ජනප්‍රිය වෙච්ච ටෙලි ඩ්‍රාමා කීයක් නම් කරලා තියෙනවද. ඒත් ඉතින් ලංකාවේ අයට කාලෙකදි නෙහාරව මිස් වුනා. ඒ වෙන මොකවත් හින්දා නෙමේ නෙහාරා ඇමරිකාවට ගියපු හින්දා. කොහොම වුණත් ඔන්න දැන් ඉතින් ආයෙමත් ලංකාවටම ඇවිල්ලා සුපුරුදු වැඩ ටික පටන් අරන් තියෙන්නේ. ඔන්න ඉතින් මේ ඊයෙ පෙරේදා දවසක නෙහාරා fashion ගැන කතා කරලා තිබ්බා. මුලින්ම එයා කියන්නේ fashion කරද්දි නම් එයා කිසිම කෙනෙක්ව අනුකරණය කරන්නේ නැහැ කියලා.

කොහොම උනත් යන්නේ කොතනටද කියලා බලලාලු එයා fashion කරන්නේ. එයාට එක චාන්ස් එකක් තියෙන්නේ එයාගේ skin color එකලු. ඒක හින්දා එයාට ඕන colour එකක් සෙට් වෙනවාලු. කොහොමහරි කමක් නෑ එයා ඉතින් ඉන්න කැමති කොණ්ඩය කඩාගෙනමලු. ඔව් ඉතින් අපිත් නෙහාරාගේ දැකලා තියෙන්නේ ගොඩක් ෆොටෝස් වල තියෙන විදියට නෙහාරා කොණ්ඩය කඩාගෙනම ඉන්න ඒවා තමයි. මේ කොණ්ඩය color කරන්නත් එයා හරි කැමතියිලු. කොහොමද ඉතින් ටිකක් හිතලා බලන්නකෝ කලර් කරපු කොණ්ඩයක් මෙයා කඩාගෙන ඉන්න කොට තියෙන අපූරුව කොහොමද කියලා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close