
Rithu Akarsha Exclusive from Starfriends.lk
රිතූ ආකර්ශා කියන්නේ කෙලින් කතාකරන තරුණ නිළියක්. මේ වෙද්දි ඇය ටෙලි නිර්මාණ කිහිපයකම රඟපා තිබෙන නිසා වගේම රියැලිටි වේදිකාවේ ද දක්නට ලැබුණ නිසා ජනප්‍රිය නිළියක් බවට පත්ව තිබෙනවා.
රංඟන ක්ෂේත්‍රයේ පවතින වර්තමාන අර්බුද සම්බන්ධයෙන් කෙලින් කතා කරන රිතූ පෙන්වා දෙන්නේ විදෙස් ටෙලිනාට්‍ය නිසා දේශීය නිර්මාණවලට සහ ශිල්පීන්ට අසාධාරණයක් සිදුව ඇති බව. විශේෂයෙන්ම රසිකයින් මේ නිසා නිර්මාණ සංසන්දනය කරන බව රිතූ පෙන්වා දෙනවා. සති අන්ත පුවත්පකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් රිතූ තවදුරටත් පවසන්නේ මේ කිසිදු තත්ත්වයක් නිසා තවමත් ඇයට නම් නිර්මාණවල අඩුවක් නැති බව.
රිතූ දැන් පෙම්වතියක්නේ. හැබැයි එතැනින් එහාට විවාහය වගේ බරපතල කාරණා සම්බන්ධයෙන් ඇය හිතන්නේ නැහැලු. ආදරය විඳින කෙනෙක්ට ඒ තරම් දුර හිතන්න අවශ්‍ය වෙන්නෙත් නැහැනේ. තරුණ රංඟන ශිල්පිනියක් වුණාම ගොසිප්වලින් ගැලවෙන්න අමාරුයි. රිතූ නම් කියන්නේ සමහරු විහින් ගොසිප් හදාගන්නවා කියලා. ලංකාවේ ගොසිප් නිර්මාණය වන්නේ පිරිමින් ඉලක්ක කරගෙන නෙමෙයි ගැහැනුන් ඉලක්ක කරගෙන කියලා රිතූ කියනවා. ඒ නිසා ඇය කියන්නේ ගොසිප් කියන්නේ ගැහැනුන්ට ආවේණික වෙච්ච දෙයක් කියලා.
රිතූගේ මේ කෙලින් කතාකරන ගුණය නිසා සමහරු නම් කියන්නේ ඇය නපුරුයි කියලා. රිතූ ඒ කතාව බැහැර කරන්නේමත් නැහැ. මම නපුරු මිනිස්සුන්ට නපුරුයි. හොඳ මිනිස්සුන්ට ගොඩක් හොඳයි. රිතූ අන්න ඒ විධියට ඒ කටකතාව පැහැදිලි කරනවා. තරුණ නිළියක් නිසා ඇයට තව දුර ගමනක් තියෙනවා. ඇය වෘත්තියෙන් ද රංඟන ශිල්පිනියක්. ඒ නිසා අපි ඇයගේ වෘත්තීය ජීවිතයට හෙවත් රංඟන ජීවිතයට සුබපතනවා.
(මීවිත පුවත්පත ඇසුරෙනි)
Rithu Akarsha Exclusive from Starfriends.lk
Great, I really like it! Youre awesome