GossipsHollywood & Bollywood
Trending

නිවුන් දරු උපතකට පස්සේ රොනාල්ඩෝගේ සරාගී පෙම්වතිය බිකිණියකින් සැරසී ලොවම කළඹයි.




Cristiano Ronaldo කියන්නේ මුළු ලෝකයක්ම ආදරය කරන පාපන්දු ක්‍රීඩකයෙක්නේ. ඔහුට තවමත් වයස අවුරුදු 33යි. ඒ වගේම පාපන්දු පිටියේදී රොනාල්ඩෝගේ දක්ෂතා එදා වගේම අදත් එක වගේමයි.

ඉතිං රොනාල්ඩෝ වගේම ඔහුගේ විසිතුන් හැවිරිදි පෙම්වතිය වන Georgina Rodriguez සහ වැඩිමහල් පුතා ළඟදී දවසක ප්‍රංශයේ Saint Tropez වල සති අන්තයේ විවේකය ගත කරන්න ගිහිල්ලා තියෙනවා.

කොහොම වුණත් මේ තුන්දෙනාට ඡායාරූප ශිල්පීන්ගෙන් නම් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඉතිං අන්තිමේ රොනාල්ඩෝ, පුතු සහ ජෝර්ජිනා විවේකයෙන් සිටින පින්තූර අන්තර්ජාලය පුරා හුවමාරු වෙනවා.

මේ ඡායාරූපවල ජෝර්ජිනා ඇඳගෙන ඉන්නේ රතු පැහැති ඉතාම සරාගී බිකිනියක්. මේ නිසා ඇය ගැන ආන්දෝලනාත්මක මත පළවුණා.

අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන රොනාල්ඩෝ පවුල සති අන්තය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කොට තිබුණා. ඔවුන් පාවිච්චි කළ බෝට්ටුව පවා මිල අධික එකක් බව පැවසෙනවා.

රොනාල්ඩෝ පවුලට පසුගිය නොවැම්බර් 21 දා නිවුන් දරු උපතක් සිදුවෙනවා. ඔවුන්ව නම් මේ ගමනට රැගෙනවිත් තිබුණේ නැහැ. කොහොම වුණත් නිවුන් දරු උපතකට පසුවත් ජෝර්ජිනාගේ සිරුර මේ තරම් සිහින්ව සහ සරාගීව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලොව පුරා බොහෝ දෙනා පුදුමයට පත් වෙනවා.

ඇය සිරුර බොහෝ සෙයින් නිරාවරණය වන ආකාරයේ බිකිණියකින් සැරසී සිටින ඡායාරූප ඉතා වේගයෙන් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වීමට මේ පුදුමයත් හේතු වුණා..

Tags
Show More
Close