
ජනප්‍රිය ටෙලිනාට්‍ය රංඟන ශිල්පිනී නිරෝෂා තලගල මනාලියක් වී පෝරුවට නගින අවස්ථාවේ වීඩියෝවක් අන්තර්ජාලයේ සක්මන් කරනවා. මේ වීඩියෝව ශෙයාර් කරලා උපරිම සහය පළ කරපු අය අතරෙ සාරංග දිසාසේකරත් හිටියා.
සාරංග වීඩියෝව පළකරන්නෙ මනාලයාගෙ නමින් සටහනක්ද එකතු කරනගමන්. නිරෝෂා තලගල මීට පෙර විවාහවුණ කෙනෙක්. ඒ වගේම ඉතාම ආදරණීය පවුල් ජීවිතයක් ගතකළ කෙනෙක්. එහෙම තියෙද්දිත් ඔළුව පුරා කොන්ඩමල් ගහගත්ත, රැවුල් කරල් එල්ලෙන මේ ජාතිය කොල්ලෙක් එක්ක පෝරුවට නගීවිද? අබුද්දස්ස කාලෙට වෙන දේවල්. ඔයාලා වැඩිය හිතන්න එපා එහෙම මගුලක් වෙලා තියෙනවා.
මේ වෙඩිම ගන්නෙ ඇලකන්ද වත්තෙදි. රංජියා තමයි නිරෝෂා හෙවත් අරුණි නංගියාගෙ අත ගන්න පැණිබේරෙන මනමාලයා. මොනවා නැතත් රංජියා එක හිතින්ම අරුණි නංගියාට ආදරෙයි. දෙන්නගෙ ආදරේ මෝරලා විවාහ උත්සවයත් ළං වුණා. සාරංගලා ශලනිලා රුවන් පෙරේරලා වගේ සෑහෙන පිරිසක් මගුලට එනවා. මේක මගුලක් නෙමෙයි මගුල් සක්වලක්.
බලන්න එපැයි රංජියාගෙ ලස්සන. කොන්ඩමල් ටික ගලවලා රැවුල් කරල් ටික ගැලෙව්වම හැබෑම ලස්සන හැන්ඩි කොල්ලා. අරුණියා ඉතිං කොහොමත් හැඩයිනෙ. මේ වෙඩිම නම් ටෙලිනාට්‍යයක දර්ශනයක් වුණත් කාගෙ කාගෙත් ඇස් උඩ ඉන්දවෙන සයිස් එකේ වෙඩිමක්. ඇලකන්ද වත්ත මගුල්බෙර සද්දෙට ගිගුම් දෙන හැටි බලන්න ඔයාලත් වෙඩිමට යන්න හොඳේ.
ආ කියන්න බැරිවුණානෙ. සතියේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශයවන කෝටිපතියෝ කතාවෙදි තමයි මේ හැම මගුලක්ම දකින්න ලැබෙන්නෙ. පීඩිත පන්තිය හිනාවෙද්දි කොයිතරම් ලස්සනයිද? ඒ හැම හිනාවක් අස්සෙම අව්‍යාජ මිනිහෙක් ඉන්නවා. ඒකයි ඇලකන්ද වත්තට වගේම රංජියාගෙයි නිරෝෂගෙයි මගුලටත් අපි කැමති.