
Shashi Anjelina Exclusive from Starfriends.lk
මියුසික් වීඩියෝ කලාවට ශෂී ඇන්ජලීනා (Shashi Anjelina) නාමය හොඳට හුරුපුරුදුයි. ඇය රඟපෑ මියුසික් වීඩියෝ සංඛ්‍යාව 167ක් පමණ වනවා. ඒ තරම් විශාල ප්‍රමාණයක රූප රචනා සඳහා ඇයට ආරාධනා ලැබෙන්න හේතුව මොකක්ද? ඒ ඇයට තිබුණ ආකර්ශනීය රූපය සහ රංඟනයේ කුසලතාව. ශෂී මේ වනවිට ටෙලි නාට්‍ය හතරකට පමණ දායක වී සිටිනවා. නමුත් ටෙලි සහ සිනමා රංඟනය සඳහා කිසියම් අධ්‍යයනයක් තිබිය යුතු බව පිළිගන්නා තරමට ඇය නිහතමානියි.
ශෂී ඇන්ජලීනාව (Shashi Anjelina) හැමෝම වගේ අඳුනගන්නේ නිරූපණ වෘත්තිය හරහා. ඒත් ශෂී අද නිරූපිකාවක් කියලා කියන්නත් ලැජ්ජා වෙනවා. ඒකට හේතුව නිරූපිකාවන් නමින් පෙනී සිටින අතළොස්සක් දෙනා මේ ක්ෂේත්‍රයට කරමින් සිටින විනාශය. ශෂී කවදාවත් නිරුවත මාර්කට් කරලා ජනප්‍රිය වෙන්න අදහස් කරපු නිරූපිකාවක් නෙමෙයි.
ඒත් අද දවසේ රුපියල් දාහට දෙදාහට නිරුවත් දර්ශනවලට පවා පෙනී සිටින නිරූපිකාවන් යැයි කියාගන්නා පිරිස් නිසා නිරූපණ වෘත්තියම බාල්දු වෙලා. ශෂී රඟපාන්නේ කිසියම් සීමාවක් ඇතුලේ. ඇය නිර්මාණයක් භාරගන්නේ හොඳට හිතලා බලලා. දැන් නම් ඇයට ඒකාකාරී මියුසික් විඩියෝ කලාව තරමක් එපා වෙලා තියෙන්නේ.
මේ වනවිට ශෂීට ස්ථාවර මිලක් තියෙනවා. ඒ මිලට ඇයට ලැබෙන නිර්මාණ අඩුයි තමයි. ඒ නිසා ව්‍යාපාරයකට අතගහන්නත් ශෂීගේ අදහසක් තියෙනවා.
ශෂී එළිමහන් වැඩසටහන් මෙන්ම විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසත් කටයුතු කරනවා. ශෂී කවදාවත් රැල්ලට යන කෙනෙක් නොවන බවත් ඇය කියනවා.
නිරූපණ වෘත්තියට වෙලා තියෙන නස්පැත්තිය සම්බන්ධයෙන් ශෂී සෘජුවම චෝදනා කරන්නේ පොටෝ ෂූට් එකක් දෙකක් කරලා නිරූපිකාවන් යැයි කියාගන්නා නිරුවත මාර්කට් කරන අතලොස්සක් දෙනාට. ඇත්තටම ඇය කියන්නේ සත්‍යයක්. මේ ලෙස මතුවෙමින් පවතින පිළිලය විනාශ කරලා නොදැම්මොත් සමාජයට විශාල හානියක් සිදුවෙනවා. මොකද ලංකාවේ මියුසික් වීඩියෝ කලාව සහ නිරූපණ වෘත්තිය ඒ තරම් ජරාවට පත්වෙලා අවසන්.
Shashi Anjelina Exclusive from Starfriends.lk