Daily News
Trending

නිර්මාණයක් භාරගන්න තාත්තාගෙ ඇපෘවල් එක එනකල් බලාගෙන ඉන්න පුතා.




ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ. ජැක්සන්ගෙ පුත්තුත් අන්න ඒ වගේ. මේ කියන්න යන්නෙ තාත්තගෙම පුතෙක් ගැන. ඔහු ඇන්තනී පවුලෙ බාලයා. සජිත් අනුත්තර. ඇත්තටම දක්ෂයෙක්. තාත්තයි අම්මයි වගේම රංඟනයට, ගායනයට, නර්තනයට, අධ්යාපනයට එක වගේම දක්ෂයි. සජිත් දැන් විවාහ වෙන වයසෙ කොල්ලෙක්. කැම්පස් යන කොල්ලෙක්. ගොඩාක් නිර්මාණ කරපු කොල්ලෙක්. ඒත් කොයිතරම් ඉස්සරහට ගියත් සජිත්ට තවමත් තාත්තගෙ හෙවන ලැබෙනවා. තවමත් සජිත් ඕනම නිර්මාණයක් භාරගන්නෙ තාත්තාගෙ ඇපෲවල් එක ලැබුණට පස්සෙ තමයි. පිටපත බලලා ඒක පුතාට සුදුසුද නැද්ද කියන තීරණය ගන්නෙ ජැක්සන්. ඔහුගෙ මනාපය ලැබුණට පස්සෙ තමයි සජිත් තමන්ගෙ තීරණය ගන්නෙ. එහෙම තමයි තාත්තලා. ජැක්සන් වගෙ ප්රවීණයෙක්ගෙ දරුවො වුණාම එයාලට වරදින්නෙ නැහැ. දෙමාපියන් දරුවන්ට වරදින්න දෙන්නෙත් නැහැ. කණාමැදිරියෝ කියන්නෙ මේ ළඟදි එහෙම ජැක්සන්ගෙ අනුමැතිය ලැබුණ ස්ක්රිප්ට් එකක්. ඒ නිසා ඒ නාට්යයට සජිත් සම්බන්ධ වෙනවා.

Show More
Close