Daily News
Trending

“නිදහසේ පියා” වාරණය කිරීම මූණ එක්ක තරහා වෙලා නහය කපා ගැනීමක්.




නිදහසේ පියා තිරගත වන්නත් කලින් ඒ ගැන දැඩි කතාබහක් ඇති වුණා. එක අතකින් අති විශාල මුදල් කන්දරාවක් යට කරලා හඳපු නිර්මාණයක්. අනෙක් අතින් ලංකාවේ හැදුණ පළමු දේශපාලන චරිතාපදාන සිනමා කෘතිය.

මේ සියල්ලටමත් වඩා නිදහසේ පියා සම්බන්ධයෙන් මතුව ආවේ දේශපාලන විරෝධයක්. පහුගිය දවස්වල ආගමට දහමට අපහාස කළා කියලා නිර්මාණ කිහිපයකට තහංචි පැනවුණානේ. ඒ වෙලාවේ සමාජ ජාලා මාධ්‍යයේ ලොකු විරෝධයක් පැන නැග්ඟා. නිර්මාණ කරුවකුගේ ප්‍රකාශන නිදහස සීමා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පවා කැඳෙව්වා. අවසානයේ මේ විරෝධයේ බලපෑම නිදහසේ පියා වෙතට හැරෙන්න ගත්තා.

ඒ ඇයි… ? අපේ රටේ සංස්කෘතික අමාත්‍යවරයා තමයි ඔය කියන වාරණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නිසි බලධාරියා වුණේ. ඉතින් නිදහසේ පියා සිනමා කෘතිය නිෂ්පාදනය කළෙත් ඔහුමයි. මෙන්න මේ හාදකම නිසා අමාත්‍යවරයාවයි ඔහුගේ චිත්‍රපටයයි දෙකම වාරණය කරන්න ඕනේ කියලා ලොකු කතාබහක් ඇති වුණා.

නිර්මාණවලට සීමා පැන වෙන්න ඕනේ. ඒක රාජ්‍යයක් මට්ටමින් හිතුවම හරි. ඒත් වාරණයට ලක්වූ නිර්මාණ වාරණය කළ යුතු ඒවාද කියන එක ගැටලුවක්. ඒත් අමාත්‍යවරයා එක්ක තියෙන විරෝධයට සිනමා කෘතිය වාරණය කිරීම තේරුමක් ඇති වැඩක් ද? මෙන්න මේකයි අපි තේරුම් ගත යුතු වන්නේ.

නිදහසේ පියා කියන්නේ එක කලාකරුවෙක්ගේ වැඩක් නෙමෙයි. කලාකරුවන් අති විශාල පිරිසකගේ දායකත්වයක්. එතන ලක්ෂ්මන් මෙන්ඩිස් ඉන්නවා. තුමිඳු දොඩන්තැන්න ඉන්නවා. රොෂාන් පිළපිටිය ඉන්නවා. නිශ්ශංක දිද්දෙනිය ඉන්නවා, ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්නවා, ඩග්ලස් රණසිංහ ඉන්නවා. මේ වගේ ලංකාව පුරා විසිරී සිටින අති දක්ෂයින් විශාල පිරිසක් දායක වන නිර්මාණයක්.

ඒ විතරක් නෙමෙයි, නිදහසේ පියා කියන්නේ අති විශාල බජට් එකක් ඇතුළේ කරපු නිර්මාණයක්. ඒ නිර්මාණයේ ගුණාත්මක බව කිරලා මනින්න නම් ඒක බලන්නම වෙනවා. අනික් අතට මේ වැනි තේමාවක සිනමා කෘතියක් තිරගත වෙන්නේ පළමු වතාවට. අපි කාටවත් අමතක කරන්න බැරි ඉතිහාසයක් ගැන කතා කරන සිනමා කෘතියක්. ඉතින් අමාත්‍යවරයාව වාරණය කරන්න වෙන ක්‍රමයක් හොයා ගන්නේ නැතිව සිනමා කෘතිය වාරණය කරන්න ගියොත් නම් මේ රමණීය අවස්ථාව මඟහැරෙනවා. කොටින්ම සහෝදර රංඟන ශිල්පීන්ගේ රංඟනය වෙනුවෙන් ගරු කරනවා නම් ඒ රංඟනය අගය කරනවා නම් නිර්මාණයක් වාරණය කරන්න බැහැ. ඒක අමනෝඥ කමක්. නිර්මාණයක ප්‍රකාශන අයිතිය වෙනුවෙන් සටන් කරද්දී ඒ වෙනුවෙන් තවත් නිර්මාණයක් වාරණය කරන්න සිදුවීමම තාර්කික අවුලක්.

ඒ නිසා පරණ කෝන්තර පැත්තකින් තියලා මේ දැවැන්ත සිනමා අද්දැකීම විඳිමු. ඊට පස්සේ කෘතිය එක්ක හැප්පෙමු. වාද කරමු. ඇමතිතුමා එක්ක තියෙන අවුල වෙන විදියකට බේරගමු.

Tags
Show More
Close