
ලංකා ඉතිහාසයේ බිහි වූ අති දැවැන්තම සිනමා අත්දැකීමට තව දින කිහිපයයි ඉතිරි වෙලා තියෙන්නේ.
ඒත් ඊට කලින් විසඳ ගත යුතු ප්‍රශ්නයක් තියෙනවා. නිදහසේ පියා නිර්මාණය කරන්න විතරක් රුපියල් ලක්ෂ නවසියයක් වියදම් වුණා කියනවනේ. ලක්ෂ නවසියයක් කියන්නේ කජු ඇටද කොස් ඇටද? ඒ සල්ලිවලට මොකද වුණේ?
සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කරන මේ දැවැන්ත නිර්මාණය සඳහා වැය වන සමස්ථ පිරිවැය දරන්නේ අපේ රටේ අමාත්‍යවරයෙක්. ඒ විජයදාස රාජපක්ෂ මැතිතුමා. ලක්ෂ නවසියයක් කියන්නේ චිත්‍රපටය සඳහා යන ප්‍රචාරණ වියදම ගණනය කරන්නේ නැතිව බවත් කල්තියාම දැනුවත් කරන්න අවශ්‍යයි.
ඇත්තටම මේ සල්ලිවලට මොකද වුණේ….?
නිදහසේ පියා කියලා කියන්නේ ඉතිහාසගත වන සිනමා කෘතියක්. අපේ රට අධිරාජ්‍යවාදයෙන් මිදී ස්වර්ණමය යුගයක් වෙත ළඟාවීම දක්වා වූ පුවත මෙහි විස්තර වෙනවා. ඒ මාවතේ පියවර තැබූ යෝධ මිනිසා වූ ඩී එස් සේනානායක මහත්මයාගේ වීරෝදාර ජීවිතය මේ කතාවට වස්තු බීජය සපයනවා. ඒත් මේ සා විශාල මුදලක් වියදම් වුණේ කොහොමද?
අපි දැන් හදන්නේ ඔක්කෝන්ටම කලින් ගණන් හිලව් බේරලා ඉන්න.
නිදහසේ පියා සමඟ ප්‍රධාන චරිත නිරූපණය සඳහා හැත්තෑවකට වඩා වැඩි වුණොත් මිසක අඩු නැති පිරිස සහභාගී වනවා. ඊට අමතරව පරිවාර සෙනඟ, හය හත්සීයක් විතර ඉන්නවලු. චිත්‍රපටය නිම කරන්න ඔවුන්ට අවුරුදු තුනක් ගත වෙනවා. මෙහි එන සමහර රූප රාමු සඳහා අධික වියදමක් දරන්න සිදු වෙනවා. උදාහරණයක් විදියට පෙරහැරක දර්ශනයක් රූගත කිරීම සඳහා මෙහි නිෂ්පාදක වරයා ලෝබ නැතුව ලක්ෂ සියයක් වියදම් කරනවා. ඇත්තටම මේක මහා පරිමාණයෙන් කරන වැඩක්. මුහුරත් උළෙල දෙකක් මේ වන විට පවත්වා තිබෙනවා. තවත් අවස්ථාවක දර්ශනතල සකස් කිරීමේදී ස්වභාවික පතලක් පවා කපන්න සිදුවුණාලු.
දේශපාලන චරිතාපදානයක් මේ විදියට ලංකාවේ සිනමාවට එකතු වෙන්නේ පළමු වතාවට. මේ මාසේ අවසන් වෙන්න කලින් ඔයාලටත් මේ අති දැවැන්ත සිනමා අත්දැකීම විඳගන්න පුළුවන් වෙනවා .