GossipsHollywood & Bollywood
Trending

නිදහස් ඉතිහාසයක් ගැන කියවෙන ඉන්දියාවේ BHARAT

Bharat Movie




Bharat Movie Exclusive from Starfriends.lk

ලංකාවේ film industry එක වගේ නෙමෙයි ඉන්දියාවේ film industry එක. ඒ වගේ දැවැන්ත නිර්මාණය කරන රටක් නම් මේ ලෝකෙ කොහෙවත් නැතුව ඇති. ඒක තමයි ඇත්ත කතාව.ඒ දේවල් නිසාම තමයි අපේ මිනිස්සු පුළුවන් තරම් ට්‍රයි කරලා හින්දි කොපිම කරන්න පටන් ගන්නේ. ඒත් මේක අනිත් පැත්තට වෙන වෙලාවලුත් තියෙනවා. පහුගිය කාලය පුරාම ලංකාවේ හැදුණේ රජ කතා, ඉතිහාස කතා. ඒත් දැන් ඔන්න Bollywood වලත් ලඟදී ඉඳලා ආයෙමත් ඉතිහාස කථා නිර්මාණය වෙන්න පටන් අරගෙන තියෙනවා.

The Queen of Jhansi, Padmavati, Kesari, Manikarnika, ඒ වගේ හැදුනු ෆිල්ම් කීපයක්. ඉන් පස්සේ මේ මෑතකදී කරපු ෆිල්ම් එකක් තමයි Bharat කියන්නෙ. මේ ෆිල්ම් එකේ මේන් කැරැක්ටර් එක කරන්නෙ සල්මන් (Salman Khan). සල්මන් ඛාන්ගේ ෆිල්ම්ස් දෙකක්ම මේ අවුරුද්දේ රිලීස් වෙන්න තියෙනවා. ඒකෙන් එක ෆිල්ම් එකක් තමයි Bharat කියල කියන්නේ.

මේ ෆිල්ම් එක තනිකරම ඉන්දියානුවෙක් මුල් වෙලා කරපු එකක් නම් නෙවෙයි. ෆිල්ම් එකේ මුල් නිර්මාණය යූන් ජේ කයුන් (Yoon Je-kyoon) කියන කොරියානු ජාතික අධ්‍යක්ෂවරයාගේ. ඒකෙන් කියවෙන්නේ දකුණු කොරියානු ජන ජීවිතය ගැන කියවෙන සිදුවීම් මාලාවක්. දකුණු කොරියානු සිනමාවේ වැඩිම අදායම් ගත්ත ෆිල්ම් වලින් හතරවෙනි තැනට වැටෙන්නේ අපි මේ කතාකරන Ode to my father ෆිල්ම් එක. 1950- 2010 කාල වකවානුව තමයි මේ කතාවට මුල් කරගත්ත කාල සීමාව. ඉතින් අපි මේ කතා කරන්න ගියේ කොරියන් ෆිල්ම් එක ගැන නම් නෙවෙයි. ඒ ආශ්‍රයෙන් කරපු Bharat ගැන.

ෆිල්ම් එකේ විදියට බරත්ගේ කැරැක්ටර් එක කරන්නේ සල්මන් ඛාන්(Salman Khan). මේකෙ අනිත් ශිල්පීන් විදියට කත්‍රිනා කයිෆ්, තාබු, දීෂා පතානි, ජැකී ෂෙරොප්, සුනිල් ග්‍රෝවර් සම්බන්ධ වෙනකොට ෆිල්ම් එකේ කතා වස්තුව විදියට ගැනෙන්නේ 1947 ඉන්දියාව නිදහස ලබාගැනීමෙන් පස්සේ කාලය. ඉතින් බරත්ගේ තාත්තා ඉන්දියාව පකිස්තානෙන් වෙන් කරාට පස්සේ පකිස්තානයට යන්නේ ගෙදර වගකීම් හැම දෙයක්ම වගේ ඔහුට පවරලා. මේ නිසා ෆිල්ම් එක පුරාම වයස 18-70 කියන වසර ගනනාවම බරත්ගේ භූමිකාව ගැන කියවෙනවා.

සල්මන්ගේ තාත්තා විදියට ජැකී ෂෙරොප් (Jackie Shroff) රඟපානකොට ඉන්දියාවේ මේ වෙනකොට සල්ලි ගහ හොල්ලන ධනවත්ම පුද්ගලයා විදියට හඳුන්වන අමිබානිගේ තාත්තගේ චරිතයට සම්බන්ධ වෙලා ඉන්නෙ වරැන් ධවාන් (Varun Dhawan). කත්‍රිනා කරන චරිතයට මීට ඉස්සෙල්ලා ප්‍රියංකා චොප්රාව තෝරගෙන තිබුණත් ප්‍රියංකාට ඒක අත්හරින්න සිද්ධ වුණේ එයාගේ වෙඩින් එකේ වැඩ වලට මුල් තැන දෙන්න සිද්ධ වුණු හින්දයි. කොහොම හරි ෆිල්ම් එකනම් රිලිස් වෙන්නෙ ජුනි 5 වෙනිදා.

Bharat Movie Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close