Daily News
Trending

නාමල්ගේ කසාදය ලබන වසරේද?




ජන බලය කොළඹට ගේන වැඩයි,නිල් බලකායේ වැඩයි විතරක්ම කරකර ඉඳලා හරියන්නෙ නැහැනේ. එන්න එන්නම කල දවස ගෙවෙනවා. ඉතිං නාමල් මන්ත්‍රීතුමත් පෙළවහක් කරගන්න ඕනෙ. දැන් මං හිතන්නේ මන්ත්‍රීතුමාට තිහත් පැනලා. කොල්ලෙක් නිසා ඉතිං වයස පොඩ්ඩක් ගියාට කමක් නැහැ. ඒත් දේශපාලනේ වෙනයි. කසාදේ වෙනයි. ඒවා හරියට වෙලාවට ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ.

හිටපු ජනාධිපතිතුමා.. ඒ කිව්වේ අපේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් දැන් දැන් නාමල්ට දොස් කියනවාලු බඳින්නෙ නෑ කියලා. තාත්තාගේ දෝෂාරෝපණයි රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයි ඔක්කෝන්ටම පිළිතුරක් දෙන්න ඔන්න නාමල්ගේ සූදානමක් තියෙනවලු. ඒ කියන්නේ කාටත් ප්‍රශ්නයක් වුණ නාමල්ගේ කසාදය ලබන වසරේ සිදුවෙනවලු.

ඒකට නම් මොකෝ. තව පෝය කීයයිද ගෙවෙන්න තියෙන්නේ. නාමල් නම් කියන්නේ වෙඩිම ගන්නේ කොහෙද කියලා දැන්ම කියන්න බෑ කියලා. ඒකත් හරියට ජනබලය කොළඹට ආවා වගේ තමයි. තැන කොතැනද කියලා කියන්නෙ දැන් නෙමෙයි පස්සේ. හැබැයි ඉතිං අරලියගහ මන්දිරේ නම් ආයෙ මඟුල් වලට අවස්ථාව දෙන්නෙ නෑ.

නාමල් විවාහ වෙන්නේ කා එක්කද කියන එක තමයි ඊගාව ගැටලුව. ඒ ගැටලුවට නම් පිළිතුරු අපි ගාව නෑ. තව ටික දවසකින් ඒවත් දැනගන්න ලැබේවි.

Tags
Show More
Close