
Neeya 2 Movie Exclusive from Starfriends.lk
“main tere dushman dushman tu mera “කියන සිංදුව ඇහුණ ගමන් කාලයක් තිබ්බා මිනිස්සු නැගිට්ටවෙන්නේ භූමිතෙල් ගහපු ගැරඬි වගේ. මොකද මේක තිබුණෙත් නාගීනා ෆිල්ම් එකේ. නාගීනා කියන්නේ ඉන්දියාවේ විතරක් නෙමෙයි ලංකාවේත් සෑහෙන මට්ටමින් ජනප්රිය වෙච්ච ෆිල්ම් එකක්. කොහොමත් ඉන්දියාවේ මෑතක නොවුනත් මීට කාලයකට ඉස්සර වෙලා ඔන්න ඔය නාගයෝ, භූතයෝ එක්ක ෆිල්ම් සෙට් එකක්ම එළියට ආවා. ෆිල්ම් නෙමේ tele drama පවා නිර්මාණය වුණා. ඉන්දියාවේ 1986 දි හදපු නාගීනා film එක ඉන්දියන් ෆිල්ම් බලන හැම රටේම වගේ ජනප්රිය වෙන්න පටන් ගත්තා. මේ ෆිල්ම් එකේ නාගකන්යාවිය තමයි ශ්රී දේවි (Sri Devi). වැඩි වැඩියෙන් මේ ෆිල්ම් එක ගැන කිය වෙන්න පටන් ගත්තේ ඒ අවුරුද්දෙ දෙවැනි තැනට වැඩියෙන්ම ආදායම් ලබපු ෆිල්ම් එක නිසයි. ඊට පස්සේ ඒ ෆිල්ම් එක ජනප්රිය වෙනවත් එක්කම නාගකන්යාවියෝ ඉන්න ෆිල්ම් සෙට් එකක්ම කලඑළි බහින්න පටන් ගත්තා.
ඒ කාලේ එහෙම වෙනකොට ඔන්න ඉතින් ආයෙමත් පාරක් මේ කාලෙත් ඉන්දියාවට නාගකන්යාවියෝ වැඩම කරන්නයි හදන්නේ. මෙච්චර කාලයක් හින්දියෙන් කතා කරපු නාගකන්යාවියෝ ඔන්න දැන් tamil වලිනුත් කතා කරන්නයි යන්නේ. ත්රාසය, භීතිය අරවද මෙව්වද එක්ක එල්. සුරේෂ්ගේ neeya 2: ෆිල්ම් එක create කරලා තියෙන්නේ 1979 තිරගත කරපු neeya ෆිල්ම් එකෙන්. මුලින් නිර්මාණය කරපු neeya ෆිල්ම් එක හදන්න මුල් කරගෙන තියෙන්නේ reena roy නාගකන්යාවිය විදිහට හිටපු naagin ෆිල්ම් එක. Neeya ෆිල්ම් එකේ හැටියට ඒ කතාවෙන් නම් කියවෙන්නේ නාග කන්යාවියක් තමන්ගේ ස්වාමියා මැරූ පලිය ගන්න ඔවුන්ව ලුහුබදින විදිය. Neeya2 ෆිල්ම් එකෙන් කියවෙන්නේ සර්වා කියන තරුණයෙක් ගැන. ඔහු වටා තමයි ෆිල්ම් එකේ කතාව ඉදිරියේදී දිවෙන්නේ.
මේ ෆිල්ම් එක main actor වෙන්නේ කොලිවුඩ් වල ජායි. ඔහු මේ ෆිල්ම් එකේ චරිත දෙකක් රඟපානවා. ඉන් එකක් තමයි සර්වා කියන්නේ. අනිත් එක වික්රම්. අනිත් වැදගත්ම චරිතය රඟපාන්නේ වරලක්ෂ්මී සරත්කුමාර්. ඇය තමයි දේවි කියන නාගකන්යාවිය විදියට Neeya2 ,ෆිල්ම් එකට සම්බන්ධ වෙලා ඉන්නේ.
Neeya 2 Movie Exclusive from Starfriends.lk