
ජනප්‍රිය අයට කතා හැදෙන එක සාමාන්‍යය දෙයක්.හොදට හිටියත් නරකට හිටියත් සමහර වෙලාවකට කතා හැදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජනප්‍රිය අයගෙ අතින් පොඩි වරදක් අතපසුවීමක් වුනත් ඒක ලොකු කරලා සමාජයට කියන එක අද දකින්න ලැබෙන දෙයක්.
ඉතින් මෙහෙම ටීනාට මඩ ගහන ,බොරු කතා හදන පිරිසක් ඉන්නවා කියලා ටීනා මාධ්‍යයට කියලා තිබුණා. මෙහෙම කතා හදන පිරිසට ටීනා ටිකක් සැරෙන් කතා කරලා තිබුණේ මෙහෙමයි. සමහර නළුවෝ වගේම ක්‍රිකටස්ලා මොඩ්ලස්ලට මැසේජ් කර කර පස්සෙන් යනවා. ඒත් සමහර නළුවන්ගේ සහ ක්‍රිකටස්ලාගේ බිරින්දෑවරු ඔවුන්ගේ සැමියා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. ඉතින් ටීනා ඒ බිරින්දෑවරුන්ට කියනවා තමන්ගේ සැමියා යන්නේ කොහේද, කරන්නේ මොනවද, කියලා හොයලා බලන්නලු අනිත් ගෑනු අයගේ වැරදි හොයන්නේ නැතිව.
මේ අතරේම ටීනාගේ ඇඳුම් වලට නොයෙක් කතා කියන අයටත් ටීනා කියලා තිබුණේ කවුරු මොනවා කිව්වත් එයාට ඕන ඇදඳුම එයා අඳිනවා කියලා. ඒකට ටීනගේ ගෙදර අය මුකුත් කියන්නේ නැත්නම්, ඒ ඇඳුම් අඳින්න ටීනගේ ඇඟ ලස්සනයි නම් ඒක කවුරුත් ප්‍රශ්නයක් කර ගන්න එපා කියලා තමයි කියලා තිබුණේ. ඒ වගේම නිරූපිකාවක් වුණාම විවිධ ඇඳුම් අඳින්න වෙනවාලු කොහොමත්. අනුන්ට අපහාස කලාම තමන්ටත් ඒ දේවල් ආපිට ලැබෙන නිසා අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව ඉන්න කියලා තමයි ටීනා අන්තිමට ඉල්ලලා තිබුණේ.