
මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා සහ අති දක්ෂ ගායිකාවක වන උමාරියා සිංහවංශ එක්ව ගැයූ ගීතයක් මේ වන විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. මේරියන්ස් නලීන් කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ බ්‍රෑන්ඩඩ් වුණ චරිතයක්. උමාරියාත් ඒ මඟ යමින් සිටින ඉතාම දක්ෂ ගායිකාවක්. මේ දෙදෙනාගේ සුසංයෝගයෙන් අලුත් ගීත නිර්මාණයක් සිදුව ඇති බව අපිට දැනගන්න ලැබුණා.
ගීතය නම් කරලා තියෙන්නේ ” මා ඔබෙයි දැන් ” කියලා.
ආයේ එන්නේ නෑ දවසක්
අද වගේ ජීවිතේ
ආයේ එන්නේ නෑ බාධා
අදින් පසු ප්‍රියේ
දෙදෙනා එකකු සේ
යං වෙන් නොවී
පෑ ආදරේමයි
මෙසේ ළං කළේ
ගීතය ගලාගෙන යන්නේ ඔන්න ඔය ආකාරයට. බැලූ බැල්මට නම් “මා ඔබෙයි දැන්” කියන්නේ ඉතාම සරල අදහසක් ගැබ්වුණ ආදර ගීතයකට. ආදරය සරල සහ බොළඳ වූ තරමට රසවිඳින්න පහසුයි. නලින් පෙරේරා සහ උමාරියා ගායනා කරන මෙම ගීතයේ තනුව නිර්මාණය වන්නේත් නලීන් පෙරේරා අතින්මයි. මෙහි සංගීත සංයෝජනය ප්‍රවීණ සංගීතඥයකු වන දිනේෂ් සුබසිංහගේ. ගීතයේ සරල සුන්දර ආදර වචන කැලුම් ශ්‍රීමාල් ගේ. තවම මෙම ගීතයට මියුසික් වීඩියෝවක් නම් නිර්මාණය වෙලා නැහැ. කොහොම වුණත් නලීන් උමාරියා එකතුවෙන් ඉතාම මිහිරි ගීතයක් නිර්මාණය වී ඇති බව නම් කියන්නම ඔ්නේ.