Daily News
Trending

නයෝමිටත් දැන් මුල අමතක වෙලාද?…




Drama බලන්න සෙට් වුන අය නම් ඉතින් කොහොමත් තමන්ට සෙට් වුණ Drama එක එනකම බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව. ඒකට වෙලාව නම් ප්‍රශ්නයක් ඇත්තේම නෑ. මොකද තමන්ගෙ උවමනාව විතරයි වැදගත්ම දේ වෙන්නෙ. ඒකත් හරියට සමහරු කියනවා වගේ අබිං කෑවා වගේ තමයි. වැඩේට සෙට් වුනාම ඉතින් සෙට් වුනාම තමයි.

ඉතින් අන්න ඒ වගේ හැමෝම මඟ බලාගෙන ඉඳලා බලන Drama එකක් තමයි නීල පබළු කියන්නේ. හැමදාම රෑ වෙද්දී TV එක ඉස්සරහට කට්ටිය සෙට් වෙන්නේ ගොඩක් වෙලාවට නිලපබළු බලන්න කියලා තමයි බලන අය නම් කියන්නේ. ඒකත් ඉතින් අමුතු රහක් ඇති වැඩක්නෙ. නිල පබළු Drama එකේ characters වලින් ‍බිසී වුන කෙනෙක් තමයි නයෝමි තච ක්ෂිලා. එයා ඊයෙ පෙරේදා Drama වලින් Act කරන්න ආපු කෙනෙක් එහෙම නෙවෙයි. මෙයා 2014 දි තමයි ඒකට එන්න පාර හදා ගත්තේ. ඒ එන අතරමගදී කැපිලි කෙටිලි තිබුනෙ නැතුවමත් නෙවෙයි. ඒවා හැමදාම හැම තැනම තියෙන දේවල්නෙ. මුලින්ම ටෙලියකට කියලා සෙට්වෙලා තියෙන්නෙ ස්වර්ණවාහිනියෙන් ටෙලිකාස්ට් වුණ වැඩේකට. හා හා පුරා කියලා රඟපෑවෙ මාලනී ෆොන්සේකත් එක්ක. ලංකාවෙ ඉන්න නිළිරැජිනත් එක්ක ඉස්සෙල්ලම Act කරාම ඉතින් කාටද ආඩම්බර නේද? ආඩම්බර කම කෙසේ වෙතත් නයෝමි නම් කියලා කියනවා ලංකාවේ ඉන්න ප්‍රවීණම නිළිය එක්ක මුලින්ම රඟපාන්න ලැබුණු එක වගේම ලැබුණු ගුරුහරුකම් එහෙම අගය කරනවාය කියලා. ඒවගේම තමයි ගෙදරින් වුණත් මෙයාට සපෝර්ට් එකක් දෙනවාලු Drama එකේ වැඩ කරගෙන යන්න. මෙහෙම වැඩ ටිකක් කරගෙන යනකොට නයෝමිට ෆිල්ම් එකකුත් සෙට් වුණා. ඒකත් ලේසි පහසු ෆිල්ම් එකක් නෙවෙයි. නිදහසේ පියා…ඉතිංඔන්න තවත් ෆිල්ම් එකක් සෙට්වෙලා කියලා තමයි කියන්නේ.

කොහොමහරි නයෝමි දැන් Music Video එහෙම බාරගන්නෙත් නෑ වගේලු. කොහොම වුනත් කවුරැ කවුරුත් කලක් යනකොට තමන් හිටපු තත්වෙ, මුල අමතක වෙනවා. තවත් සමහරු හිතාමතාම අමතක කරනවා. ඇත්තටම නයෝමිත් මුල අමතක කරලාද?? ඒක නම් කියන්න දන්නේ නෑ. ඒත් ඉතින් වැඩේ නම් මෙහෙමයි. නයෝමි මුලින් මුලින් study කරන ගමන් Music Video වල තමයි හිටියෙ. ඒත් දැන් නයෝමි කියන විදිහට Music Video තෝරලා බේරාලලු කරන්න වෙන්නෙ. ඒක ඉතින් එයාගෙ කැමත්තනෙ.drama කරන්න ගියාට පස්සෙ ඒවාට time වෙන්කරගන්න බැරි නිසා එහෙම දේවල් කරන්න සිද්ධ වෙනවා කියලා තමයි එයා කියන්නෙ. අනිත් එක තමයි ⁣නයෝමි කියන විදිහට මේගොල්ලෝ Music Video කරා ඇතුළු. දැන් ඉන්න නවකයන්ට Music Video කරන්න චාන්ස් එක ලබාදෙන්න ඕනය කියලා.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close