Daily News

නයනතාරා ගොඩක් වැඩ කරන්න අකැමතියිලු – නයන්තරා වික්‍රමආරච්චි




නයනතාරා කියන නම මේ වෙනකොට නොදන්න කෙනෙක් නෑ. ඒ තරමට මෙයා ජනප්‍රියයි. මෙයාගේ නම ජනප්‍රිය වෙන්න එකම හේතුව වුණේ වෙන මුකුත් නෙවෙයි දෙවෙනි ඉනිම ටෙලිය. ඒකනම් ඉතින් නයනතාරා නිතරම කියන දෙයක්. එයාව මිනිස්සු අඳුරගත්තේ දෙවැනි ඉනිම ටෙළියෙන් කියලා. ඒත් ඉතිං කොයිතරම් ජනප්‍රිය වුණත් නයනතාරාව නම් හැම එකේම වගේ දකින්න හම්බ වෙන්නේ නෑ. හැබැයි එයා කරපු ෆිල්ම් දෙකක් නම් ලඟදිම එන්න තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් ජනප්‍රිය වෙනවා කියන්නේම වැඩි වැඩියෙන් වැඩ ලැබෙන එකටනේ. ඒත් ඉතින් නයනතාරාගේ නම් අසීමිත ලෙස වැඩ දකින්න හම්බ වෙන්නේ නෑ. හේතු දෙකයිනේ තියෙන්න පුළුවන්. එක්කෝ මෙයාට වැඩ ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් මෙයා වැඩ භාරගන්නෙ නෑ. ඉතිං අපි බැලුවා මේ උත්තර දෙකෙන් මොකක්ද හරි කියලා. අන්න ඒකට නං නයන තාරා කියල තිබ්බේ මෙහෙමයි .

නයනතාරා කියන විදියට එයා වැඩ ගොඩක් කරන්න කැමැති කෙනෙක් නෙවෙයිලු. හැම එකක්ම බාර ගත්තම කිසිම දෙයක් හරියට කරන්න හම්බ වෙන්නේ නෑලු. චිත්‍රපටි බාර ගන්න කැමතියිලු. මොකද ඒක නිශ්චිත වූ කෙටි කාලයක් ඇතුළත ඉවරවෙන හින්දා. ඒත් මෙගා drama නම් බාර ගන්නෙම නෑලු. කොහොම වුනත් ස්ක්‍රිප්ට් එක හොඳ නම් episode 50 ක් 60 ක් වගේ තියෙන tele drama විතරක් බාර ගන්නවාලු. චිත්‍රපටි තමයිලු වැඩිපුරම බාර ගන්න කැමති. ටෙලිනාට්‍ය බාරගන්නේ නැත්තෙ නං ඒක ලොකු වගකීමක් තියෙන වැඩක්ලු
හැම නිර්මාණයක් ම භාර ගන්න එක හොඳයි කියලා එයා හිතන්නේ නෑලු ඒ හින්දලු නයන තාරා සීමා ඇතුව නිර්මාණ භාරගන්නේ . ඔන්න ඉතින් නයනතාරා කියන විදියට ඒකයි වැඩේ .හරිම උත්තරේ එයා දීලා තියෙනවා එයාට තියෙන කාර්යබහුලත්වයත් එක්ක තමයි වැඩ මෙයා බාර ගන්නෙ නැත්තෙ. කොහොම වුණත් එක අතකින් ඒක හොඳයි. හතර වටේම වැඩ භාරගත්තට පස්සේ වෙන්නේ කොහෙන් හරි production team එකක් අනාථ වෙන එක තමයි.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close