
නයනතාරා පොඩි දරුවෙක් එක්ක එකට ඉන්න ඡායාරූප කිහිපයක් කාලයක පටන්ම දකින්න ලැබෙනවා. එක ඡායාරූපයකට අනුව නම් නයනතාරා නිදාගන්නෙත් මේ දරුවා එක්ක.
පුංචි දියණියක් නයනතාරාට මේ තරම් සමීප වුණේ ඇයි? මේ හුරතල් දියණිය කාගේ කවුද?
හැමෝටම තිබුණේ ප්‍රශ්න ගොඩක්. මොකද ෂූටින් අතරතුර පවා මේ කුඩා දියණිය නයනතරා ළඟම දැවටි දැවටි ඉන්නවාලු. මේ අමුතු ආදරේ ගැන ඇත්ත නැත්ත හෙළි කරමින් කුඩා දියණියගේ මව ෆේස්බුක් සටහනක් පළ කරන්න තීරණය කරලා තිබුණා.
ඇය වෙන කවුරුවත් නෙමෙයි, ප්‍රවීණ සහ ජනප්‍රිය රංඟන ශිල්පිනී හිමාලි සයුරංගි. හිමාලිගේ පුංචි දියණිය ඇයත් සමඟ ෂූටින් බලන්න ඇවිල්ලා.
මෙහෙම ඉඳහිට ආවම පුංචි දුව හොයන්නෙම දෙව්මිවලු. ඒ කියන්නේ නයනතාරාව. කොයිවෙලෙත් නයනතාරා ළඟම දැවටි දැවටි ඉන්නලු පුංචි දියනිය ආස කරන්නේ. ඉතින් මෙහෙම ආවම මේ චූටි කෙල්ල දෙව්මි ළඟින් නිදාගන්නවා.
දෙවෙනි ඉනිම දර්ශන තලයේදී තමයි මේ අමුතු ආදරයට අවකාශය ලැබෙන්නේ. හිමාලි සයුරංගි එම නාට්‍යයේ දෙව්මිගේ නැන්දා ලෙස රඟපානවා.