
කාලයක් ජනප්‍රියත්වයේ පීක් එකේ හිටපු නදීෂා හේමමාලි විවාහයත් එක්ක බොහෝම නිශ්ශබ්ද වුනා. නිතර නිතර රූපවාහිනියේ පේන චරිතයක් වුනේ නැහැ. හැබැයි කලා ලෝකෙ සාද වලදිනම් නදීෂා අනිවාර්‍යෙන් ඉන්න චරිතයක්.
කොහොම වුනත් කාලෙකට පස්සේ නදීෂා අලුත් වැඩකට සම්බන්ධ වෙලා කියල ආරංචියක් ආවා. හැබැයි ඒකත් ලංකාවේ නිර්මාණයක් නම් නෙමෙයි. චීන රටේ නිර්මාණයක්. මේ ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් චීන නාට්‍යකට සම්බන්ධ වෙන පළමු අවස්ථාව. ශ්‍රී ලංකා චීන සම නිෂ්පාදනයක් වෙන මෙම ටෙලි නාට්‍ය මාලාවේ නම you are always with me.
නදීෂා කියන්නේ මේ අවස්ථාවට තමන් තෝරාගත් බව දැනගත්තම හිතුනලු ඇය කොයිතරම් වාසනාවන්තද කියලා. ඒවගෙම චීනෙදි ඇයට ලැබුන සැලකිලි ගැනත් බොහොම ආඩම්බරයෙන් ඇය කතා කරලා තිබුනා. වසර දෙකක නිහඩ බවෙන් පස්සේ තමයි ඇය මෙහෙම නිර්මාණයකට සම්බන්ද වෙන්නෙ.
පසුගියදා පැවති සම්මාන උළෙලවල් වලදි නදීෂා පේන්න හිටියේ නැත්ටේ ඇයි කියලා ඇහුවම ඇය කියලා තිබුණේ අනේ මොන හේතුවක් නිසාද දන්නෙ නැහැ දැන් මට සම්මාන උළෙලවල් වලට ආරාධනා කරන්නේ නැහැ කියලා.