
නදීමාල් පෙරේරාත් සනුක වික්‍රමසිංහත් කියන්නේ වර්තමාන පරපුරේ බොහොම ජනප්‍රිය ගායකයෝ දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්නගේ තියෙන තවත් සුවිශේෂිතාවයක් තමයි මේ දෙන්නම ප්‍රවීන ගායක ශිල්පින් දෙදෙනෙකුගේ පුතුන් දෙදෙනෙක් වීම.
කලා ශිල්පින්ගේ දරුවන් ක්ෂේත්‍රයට එන එක සාමාන්‍ය දෙයක් ඔවුන්ගේ හැකියාව මත ඉන්න පුලුවන් කාලයක්. ගායකශිල්පින් වෙන මේ දෙන්නා බොහොම හොද යාලුවෝ කියලා තමයි කියන්නේ. පසුගිය දිනක නදීමාල්ගෙන් මාධ්‍යය ප්‍රශ්න කරලා තිබුණේ ඔබේ පරපුරේ අයගෙන් දක්ෂම කෙනා කවුද කියලා. එතකොට නදීමාල් කියලා තිබුණේ සනුක තමයි දක්ෂම කෙනා කියලා. ඒ වගේම සනුක හොද යාලුවෙක් වගේම හොද මනුස්සයෙක් කියලත් කියලා තිබුනා.
කලා ක්ෂේත්‍රයේ එක්කෙනෙක්ට තව කෙනෙක් ඉරිසියා කරගන්න වෙලාවක නදිමාල් මෙහෙම සමකාලීන මිත්‍රයෙක් ගැන කතා කරන එකත් කොයිතරම් හොදයිද නේද?