Daily News
Trending

ධනුක මැරෙන්න ආදරය කරන කෙල්ල මෙන්න.Exclusive Photos

Danuka Dilshan




Danuka Dilshan Exclusive from Starfriends.lk

ධනුක දිල්ෂාන් (Danuka Dilshan ) පහුගිය දවස්වල පෞද්ගලික ජීවිතය සම්බන්ධ කටකතාවලට ගොදුරු වුණා. නමුත් ඔහු ඒවා සම්බන්ධයෙන් ඕනවාට වඩා කලබල වුණේ නෑ. ධනුක ටෙලිනාට්‍ය රංඟනයෙන් තරමක් දුරට ඈත්වෙලා සිටින බව පහුගිය ටිකේ දැකගන්න ලැබුණා. ඔහුට අවශ්‍යවෙලා තිබුණේ හොඳ නිර්මාණයක් එක්ක ප්‍රේක්ෂකයන් අතරට එන්න.

මේ දවස්වල එහෙම නිර්මාණයක් ධනුකට ලැබිලා තිබෙන බව අපිට කනින් කොනින් ආරංචි වුණා. ආරංචි හැටියට නම් මේ අලුත් වැඩේ එක්ක ඉන්නේ ප්‍රවීණ රංඟන ශිල්පී රොෂාන් රවින්ද්‍ර. රොෂාන්ගේ කුළුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට ප්‍රධාන චරිතයෙන් ධනුක (Danuka Dilshan ) සම්බන්ධ වී සිටිනවා. ඒ විස්තර අපි ඔයාලට පස්සේ කියන්නම්කෝ.

දැන් මේ කියන්න යන්නේ ධනුක පණ වගේ ආදරය කරන කෙනා ගැන විස්තරයක්. ධනුක තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ඇයත් සමඟ ලබා ගත් ඡායාරූපයක් ද එකතු කරලා තිබුණා.

ලෝකයක් තරම් වටින පණ වගේ ආදරය කරන ධනුකගේ ආදර කතාවේ රැජින වෙලා ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඔහුගේ නැගණිය. ධනුක ඇයට ඉතාම සෙනෙහසින් බැඳී සිටිනවා. ඒ බව මීට කලිනුත් අපි දැක්කා. සහෝදර ප්‍රේමය කියන්නේ ඒ තරම් ප්‍රබල අත්දැකීමක්.

ධනුක පුංචි තිරයේ සුන්දර පෙම්වතා ලෙසින් නිර්මාණ ගණනාවක් ඔස්සේ ප්‍රේක්ෂකයින් අතරට ආවා. දැන් ඔහුගේ අපේක්ෂාව වන්නේ හොඳ සිනමා නිර්මාණයකට දායක වන්න. ඔහු ධර්ම යුද්ධයේ සිදුකළ රංඟනය වෙනුවෙන් සම්මානයට ද පාත්‍ර වුණා. ඒ නිසා ධනුක (Danuka Dilshan ) තමන්ගේ අනාගතය පැහැදිලි බවට මේ වන විටත් ඉඟි සපයා අවසානයි.

Danuka Dilshan Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close