
ධනුකට මොකද වුණේ? ඇයි දැන් ධනුක පේන්න නැත්තේ? ඒකට හේතුව ඔහු ටෙලි නාට්‍යවල දකින්න නොලැබීම. පසුගිය සති දෙකක විතර කාලයකදී ධනුකට ටෙලිනාට්‍ය 14කින් විතර ආරාධනා ලැබුණාලු. ඒත් ඒ කිසිම නිර්මාණයක් ඔහු භාරගෙන නැහැ. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් වලටත් ඔහු සහභාගී වී නැහැ.
එක පාරටම ධනුකට මෙහෙම වෙන්න හිතුනේ ඇයි. තැන තැන මේ ගැන එක එක කටකතා පවා අහන්න ලැබුණා. ඒත් ඇත්තම හේතුව දන්නේ ධනුකනේ. ඔහු කොහොමටත් කටකතාවලට උත්තර දෙන කෙනෙක් නෙමෙයි.
ඇත්තටම ධනුක රූප පෙට්ටියත් එක්ක තරහා වෙලාද? එහෙමෙ වෙන්නේ කොහොමද? ඔහු කලාවට අවතීර්ණ වෙන්නෙත් ටෙලිනාට්‍ය හරහානේ. ඇත්තම හේතුව මේකයි. ධනුකගේ ආසාව තියෙන්නේ සිනමා නළුවෙක් වෙන්න. නිතර දෙවේලේ දකින එක සිනමා නළුවෙක්ට අසාධාරණයක්. ඒක සිනමා නළුවෙක්ට උචිත නැහැ . සිනමාවේ දීර්ඝ කාලයක් රැඳී සිටීමේ වුවමනාව නිසා ධනුක මේ විදියට පුංචි තිරයෙන් තරමක් ඈත් වෙන්න තීරණය කරනවා.
විශේෂයෙන්ම දිගට ඇදෙන මෙගා නාට්‍ය හෝ රියැලිටි තරඟවලට සහභාගි වෙන්න නම් ධනුකට කොහෙත්ම අදහසක් නැහැලු. ඒ අතරේ ඉතාම හොඳ නිර්මාණයක් ලැබුණොත් නම් සළකා බලනවා කියලත් ධනුක කියනවා.
ධර්ම යුද්ධය ෆිල්ම් එකේ කළ රංඟනය වෙනුවෙන් ධනුකට සම්මාන පවා හිමි වුණා. ඔහුට අනාගත සිනමාවේ හොඳ පැවැත්මක් තිබෙන බවට ඒ සම්මානය පෙර ලකුණක් බවත් කියන්න ඕනේ.