
Dananjaya Siriwardana Exclusive from Starfriends.lk
ධනංජය සිරිවර්ධන (Dananjaya Siriwardana ) කිව්වාම එක පාරටම සිහියට එන්නේ හෙන හැන්ඩ්සම් කොල්ලෙක්නේ. ඒ වුණාට ඒක එහෙමද කියලා හිතෙන තරමේ පට්ට ෆොටෝ ෂූට් එකක් අන්තර්ජාලයේ තිබිලා දකින්න ලැබුණා.
වැඩේ කියන්නේ මේ ඡායාරූප පළ කරන්නේත් ධනංජය සිරිවර්ධනමයි (Dananjaya Siriwardana ). අපි දන්න තරමින් ධනංජයට සහෝදරියකුත් නෑ. එත් ධනංජයගේම කපාපු පළුව. ඒ ඉන්නේ ධනංජය සිරිවර්ධනම තමයි. ඒ තරම් ආකර්ශනීය කාන්තා වේශයක් ගන්න, කඩවසම් නළුවෙක්ට හැකිවුණා කිව්වාම පුදුමත් හිතෙනවා.
ධනංජය මෙහෙම ගෑනු විලාසිතාවට මාරු වෙන්නේ සිල්ලර සමනල්ලු (Sillara Samanallu teledrama) කියන ටෙලි නාට්‍යයේ රූගතකිරීමකට. අපරාදේ කියන්න බෑ ධනංජය සිරිවර්ධන හරිම සුකොමාල කාන්තාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.
මේ විපරියාසේ කරලා තියෙන්නේ වාසනා බණ්ඩාර කියන මේකප් ආර්ටිස්. සිල්ලර සමනල්ලු අධ්‍යක්ෂණය කරන්නේ සංජය නිර්මාල්. මෙහි කතාව සද්ධා මංගලගේ. ධනංජය ෆේස්බුක් සටහනක් පළකරමින් කියලා තිබුණේ, ඒ හිටියේ සිල්ලර සමනල්ලු අතරට ආපු අලුත්ම සමනලිය කියලා.
Dananjaya Siriwardana Exclusive from Starfriends.lk