Daily News
Trending

ධනංජයට අතීතය මතක්වෙලා…




ධනංජය මේ දවස්වල සෑහෙන්න කාර්යබහුලයි. ටෙලිනාට්ය වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් ඔහුව අපිට පුංචි තිරයෙදි මුණගැහෙනවා. ඔහු ඉදිරිපත් කරන “ටෝන් පොයම්” වැඩස්ටහනත් හරිම ජනප්රියයි. සිල්ලර සමනල්ලු, හරස්පාර වගේ නාට්යවල ප්‍රදාන චරිතය ලෙස ඔහු අපට මුණගැහෙනවා. ශර්ලි පී දෙලංකාවලගෙ අලුත්ම ටෙලිනාට්යයක ප්‍රදාන චරිත නිරූපනය කරන්නෙත් ඔහු. මෑතකදි දවසක ධනංජයට හිටිහැටියෙම ශෂිනිව මතක් වෙනවා. එයාලගෙ අතීත සිදුවීම් මතක් වෙනවා. ඒ කාලෙ සුන්දර අත්දැකීම් මතක් කරවනවා. ඇත්තටම මේකයි කතන්දරේ. ධනංජයගෙ ෆේස්බුක් පිටුවට ඔහු තමන්ගෙ අතීත මතක සටහන් රැගත් ඡායාරූප කිහිපයක් එකතු කරනවා. ඒ ඡායාරූපවල ඉන්නෙ ධනංජයගෙ බිරිඳ ශෂිනි සහ ධනංජය. ඒ වෙද්දි එයාල පෙම්වතුන්. ශෂිනි ගම්බද සුන්දරත්වයකින් තමයි මේ ඡායාරූපවලට පෙනී සිටින්නෙ. ධනංජය මෙනෙහි කරන ඒ අතීතය හරිම සුන්දරයි කියලා ඡායාරූපවලින් පේනවා. දැන් ශෂිනිත් ගීතයක් ගායනා කරලා ජනතාව අතරට වෙන විදියකට ඇවිත් ඉන්නෙ. ශෂිනි පෙම්වතිය විදියට තෝරගත්ත ඉතිහාසය ගැන ධනංජය මේ විදියට මතක් කරනවා. ඔහුගෙ රසික රසිකාවියන් මේ ඡායාරූප වලට ඉතාම හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා

Tags
Show More
Close