Daily News
Trending

දේශපාලනය ස්ථාවර වෙනකල් පේෂලගේ වැඩත් කොට උඩ.




උද්ගතවෙලා තියෙන දේශපාලන අස්ථාවර භාවය හිරිකිතයි කියලා කියන්නේ ජනප්‍රිය කලාකරුවෙක් වන පේෂල මනෝජ්. ඔහු කියන්නේ රටක් වුණාම කිසියම් විනයක් තියෙන්න ඕනේ කියලා. සල්ලිවලට ඇමතිකම් ගන්නවා පක්ෂ මාරු කරනවා කියලා කියන කතාවල සත්‍ය අසත්‍යතාව මොකක් වුණත් එහෙම දේවල් වෙනවා නම් වැරදියි කියලා තමයි පේෂල කියන්නේ.

සංගීත ශිල්පියෙක්, කථිකාචාර්ය වරයෙක්, ගායකයෙක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, වාදකයෙක් ආදී විවිධ ක්ෂේත්‍ර නිරූපණය කරන පේෂල අලුත් වැඩ කීපයකට අතගහන්න බලාගෙනයි ඉන්නේ.

ඒත් රටේ පවතින මේ අවිනිශ්චිත තත්ත්වය නිසා කිසිම දෙයක් පටන් ගන්න සුදුසු පරිසරය නිර්මාණය වී නැහැ කියලා තමයි ඔහු කියන්නේ.

මහ ජනතාව ලෙසින් අපිට රටේ වැදගත් තීරණ කිසිවකට බලපෑම් කරන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. දේශපාලකයින්ට පුදුම කෑදරකමක් තියෙන්නේ. හැමදේම කරන්නේ ඒ සුළු පිරිස. මේ නිසා නිදහසේ කලා නිර්මාණයක් කරන්න අවශ්‍ය පසුබිම මේ රටේ නිර්මාණය වෙලා නැහැ.

පේශල ඒ ආකාරයට පවතින තත්ත්වය මහත් කලකිරීමෙන් විස්තර කරනවා.

“කරන්න වැඩ ගොඩක් ඔළුවේ තියෙනවා. දෙයියන්ගේ පිහිටෙන් මේ රට හොඳ තත්ත්වයකට ආවොත් ඒ වැඩ ටික කරගන්න පුළුවන්”

පේශලගේ මේ වෙලාවේ එකම බලාපොරොත්තුව වුණේ රට දේශපාලන වශයෙන් ස්ථාවරව යහපතක් එකක් වනු දැකීම.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close