
අංජලී කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල මගෙ අලුත් drama එකක් telecast වෙන්න පටන් ගත්තා.රන් බැදි මිනිස්සු තමයි ඒකේ නම.ඉතිං ඊට අමතරව දෙවනි ඉනිම, නීල පබලු කියන ටෙලිවලට සම්බන්ද වෙලා ඉන්නවා.
දෙවනි ඉනිමෙ දෙව්මිගේ අම්මා ගැන මොකද කියන්න තියෙන්නෙ?
අවුරුදු දෙකකව වගේ කාලයක් දෙවනි ඉනිම විකාශය වෙනවා ඉතිං ඒ කාලය ඇතුලත දෙවනි ඉනිම ඉතාමත් සාර්තක ලෙස ප්‍රේක්ශකයන් අතරට ගියා.ඉතිං ඒකත් එක්ක මම විතරක් නෙමෙයි නාට්‍යයේ එන අනෙකුත් චරිතවලටත් ඉතාමත් හොද ප්‍රතිචාර ලැබුනා.ඒ වගේම දෙව්මිගේ අම්මාගෙ චරිතයටත් ගොඩාක් හොද ප්‍රතිචාර ලැබෙනවා.
සැබෑ ජීවිතයේ අමිමා කියන භූමිකාව කොහොමද මේ දවස් වල ගෙවිලා යන්නෙ?
අනිත් මව්වරු වගේම මමත් මගේ දරුවට මවකගෙන් විය යුතු සියලු යුතුකම් මග නොහෑර සිදු කරනවා.මොකද මම ගොඩාක් කාර්‍යබහුල රංගන ශිල්පිනියක් නෙමෙයි,ඒ නිසා මට පුලුවන් වැඩි කාලයක් දරුවා එක්ක ගත කරන්න.
දරුවා කලා ක්ශේත්‍රයට එනවට අංජලී කෑමතිද?
එයා අවුරුදු දෙක හමාරෙදි විතර ඉඳලා කලා කටයුතු වලට සහභාගී වෙලා තියෙනවා.ඔයා මේ පැත්තෙන් යන්න කියලා බල කිරීමක් නෑ.අනික එයා තාම පොඩියි.අනාගතයේදි එයා කැමති ක්ශේත්‍රයකින් ඉදිරියට යන්න මම එයාට අවසරය දීලා තියෙන්නෙ
සිනමාව පැත්තෙන් අලුත් නිර්මාණයකට සම්බන්ද වුනේ නැද්ද?
සිනමාව පැත්තෙන් මට ගොඩාක් ප්‍රදාන චරිත වලට කතා කරනවා අඩුයි.නමුත් චිත්‍ර පටයක පොඩි චරිතයක් උනත් ගොඩාක් වටිනවා.
ඇඩ්‍රස් නෑ චිත්‍ර පටයේ අංජලීගෙ චරිතයට ඉතාමත් සාර්තක ප්‍රතිචාර ලැබුනා. ඒ අතීතය ගැනත් මතක් කරමු?
ඒ චරිතය වෙනස් චරිතයක්. මම ඒක හොඳට කරල තිබුනා කියලා මම හිතනවා.ක්ශේත්‍රයේ ඉන්න ප්‍රවීනයන්ගෙන් පවා ඒ චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාරයන් ලැබුනා. ඇත්තටම මම ගොඩාක් සතුටු උනා ඒ වෙලාවෙදිමම ඒ චරිතයට සාදාරනයක් කලානෙ කියලා.
මෙගා ටෙලිනාට්‍ය වලට සම්බන්ද වීම සමහර අවස්තාවන්හීදී කලාකරුවන්ට අවාසියක් නේද?
මෙහෙමයි. වෘතීය පැත්තෙන් රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියෙකුට චරිත තෝරා බේරගන්න පුලුවන්. නමුත් දීර්ඝද කෙටිද කියලා තෝර තෝර හිටියොත් වැඩ නැතිව තමයි ඉන්න වෙන්නෙ .නමුත් මට නම් අවාසියක් දැනිලා නෑ.මට ලැබෙන නිර්මානයට මම අනිවාර්‍යෙන් සාදාරනයක් ඉෂ්ට කරනවා. අනික ,මම රංගනයට හරිම ආදරෙයි.චරිතය හොදයි නම් දීර්ඝද කෙටියිද බලන්නෙ නෑ අනිවාර්‍යෙන් එකතු වෙනවා.
අප්‍රේල් 21 න් පසුව කලාව යම්තාක් දුරට කඩා වැටුනා කියන කාරනය ගැන සෑහීමකට පත් වෙන්න පුලුවන්ද?
අනිවාර්‍යෙන්ම.පුංචි තිරය වේදිකාව, සිනමාව මේ කියන අංශ තුනෙන් ඉතාමත් හොද නිර්මාණ කෙරුනා.ඒ වගේම වේදිකා නිර්මාණවලටත් ඉල්ලුමක් තිබුනා.දැං එහෙම නෙමෙයි ලොකේශන් එකකට යද්දි පවා දෙපාරක් හිතන්න වෙනවා.කලාව පැත්තෙන් විතරක් නෙමෙයි හැම පැත්තකින්ම කඩා වැටීමකට ලක් උනා.
දේශපාලනය ගැන මොකද හිතන්නේ?
ඇත්තටම මට දේශපාලනය ගැන කතා කරන්න කිසිම උවමනාවක් නෑ. දේශපාලනය කියන්නෙ මට අදාලම නැති කාරනයක්.
අංජලී මොනාද ඉදිරි වැඩ කටයුතු?
ඉදිරියේදි මම සම්බන්ද උන නිර්මාණ කිහිපයක් එන්න තියෙනවා. ඒ වගේම දැනට සම්බන්ද වෙලා ඉන්න නිර්මාණයන්හී රූගත කිරීම් වලට සහභාගී වෙමින් ඉන්නවා.