Daily News
Trending

දේශපාලනඥයො කරන බලුවැඩ මට පේන්න බැහැ.




චිත්‍රාල් දේශපාලනයට එන්න හදනවා වගේ කටකතාවක් පහුගිය දවස්වල පැතිරිලා තිබුණා. ඒකට හේතුව චිත්‍රාල් බොහොම විවෘතව කතාකරන කෙනෙක් වීම. කියන්න තියෙන දේ කෙලින්ම කියන කෙනෙක් වීම. දේශපාලන්ඥයො සම්බන්ධයෙන් ඔහුට තියෙන්නෙ හරිම කළකිරීමක්. තමන් දේශපාලනයට එනවා කියලා පැතිරුණ කටකතාවලට පිළිතුරු දෙන චිත්‍රාල් කියන්නෙ එහෙම කිසිම අදහසක් නෑ කියලා. දේශපාලනඥයො කරන බලු වැඩ චිත්‍රාල්ට පේන්න බැහැ කියලා තමයි ඔහු කියන්නෙ. දේශපාලනඥයෝ හිතාගෙන ඉන්නෙ මිනිස්සු මෝඩයෝ කියලා. චිත්‍රාල් කියන්නෙ සමහරු එයාට දේශපාලනයට කඩේ යනවා කියලා කිව්වත් එහෙම කාටවත් කඩේ යන්න ඔහුට අවශ්ය නැහැ කියලයි. කොහොම වුණත් කෙලින් කතා කරන කලාකරුවෙක් විදියට අපි ඔහුව අගය කරනවා. චිත්‍රාල් සාමාන්යයෙන් තමන්ගෙ ෆේස්බුක් පිටුවෙන් දේශපාලකයින්ට වගේම දේශපාලකයින්ගෙ නොහොබිනා ක්රියාකාරකම්වලත් පහර දෙනවා. මේ දේවල් නිසා වෙන්න ඕනෙ චිත්‍රාල් ගැන මේ වගේ කටකතා පැතිරෙන්නෙ

Tags
Show More
Close