
මේ දිනවල රටේ තියෙන දේශපාලන අස්ථාවර බව ගැන හැමෝම කතා වෙනවා කියලා දන්නවනේ. සමහරු හොඳයි කියන කොට තවත් සමහරු නරකයි කියනවා. මේ හැමදේම අතරේ තවත් අය මේ හැමදේම දිහා බලන් මේ සිදුවීම් ගැන අදහස් ඉදිරිපත් කරනවා.
මෙන්න මේ අදහස් ඉදිරිපත් කරන අය අතර ජනප්‍රිය චරිතත් ඉන්නවා. ඒ අතරින් බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි පේෂල කියන්නේ. පේෂල ඉතින් විහිළුවට නොගන්න කෙනෙක් නැති තරම්. ඉතින් මේ දේශපාලන තත්වය ගැන ඔහු අපූරූ අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ තමයි මේ සියලුම දේශපාලකයන්ට ශාස්ත්‍රීය සංගීතය සහ ශාස්ත්‍රීය නැටුම් උගන්වමු කියන එක. එතකොට මේ අය සහයෝගයෙන් ඉන්න පුරුදු වේවිලු.
මේ අයට රාග කියලා දුන්නම ඒ විදියට කතා කරලා මේ අයත් සුන්දර මිනිස්සු වේවි කියලා තමයි පේෂල කියන්නේ. ඉතින් ශාස්ත්‍රීය සංගීතය නිසා මේ අය අතර සමඟියක් ඇති කරන්න පුලුවන් කියලා තමයි පේෂල කියලා තිබුණේ.