
මෑතකදී අති විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගත්ත ටෙලිනාට්‍යය තමයි දෙවෙනි ඉනිම.
ඒත් ඕනෑම නාට්‍යයක් ජනප්‍රිය වෙන කොට ඇතිවන වාණිජ කෑදරකම නිසා එන්න එන්න කතාව දික්ගස්සනවනේ. එහෙම ඔට්ටපාළු වගේ පිටපත ඇදෙනකොට ඒ නාට්‍යයේ රඟපාන නළු නිළියන්ටත් කරගෙන ආපු වැඩේ බෝරිං වෙනවා. එක වැඩක් විතරක් බදාගෙන ඉන්න සිදු වුණාම ඒක ඔවුන්ගේ රංඟන ජීවිතයටත් හානියක්. ඉතින් මේ කරුණු කාරණා නිසා දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතයක් රඟපාපු බිමල් ජයකොඩි නාට්‍යයට සමුදෙන්න තීරණය කළා. බිමල් ඒ තීරණය ගන්නකොට නාට්‍යයේ රවීට මැරෙන්න සිදුවෙනවා. මේවා තනිකරම ප්‍රේක්ෂක රසඥතාව හෑල්ලු කරන වැඩ.
දැන් දැන් සමල්කටත් රවීට සිද්ධ වුණ සන්තෑසියම වෙන්න යනවා කියලා පේන්න පටන් අරන්. වෙනදා කතාවට නැතිවම බැරිවුණ සමල්කාගේ චරිතය දැන් එන්න එන්න කතාවට දුරස් චරිතයක් බවට පත්වෙලා තියෙනවා. සමහර කතාංඟවල සමල්කාව ඇහැටවත් දකින්න නැහැ.
මෙහෙම තියෙද්දී තමයි ප්‍රේක්ෂකාගාරයට කනින් කොනින් අහන්න ලැබුණ ඕපාදූපයක් කන වැකෙන්නේ. ඕපා දූපවලත් සත්‍යයක් නැත්තේමත් නැහැනේ. ආරංචිය ගිහින් තිබුණේ ශනුද්‍රි ප්‍රියසාද් නොහොත් සමල්කාව නාට්‍යයෙන් ඉවත් කරන්න සැරසෙනවා කියලා.
මේ ආරංචිය නිසා දෙවෙනි ඉනිම වගේම සමල්කාගේ රසික රසිකාවියනුත් සෑහෙන්න කලබල වුණා. කලබල වෙලා සමාජ ජාල මාධ්‍යයේ විවිධාකාර පෝස්ට් පළකරන්න පවා පටන් ගත්තා.
ශනුද්රිට සිදුවන්න යන අසාධාරණය සම්බන්ධයෙන් මුහුණු පොතේ පෞද්ගලික සටහන් පවා නිර්මාණය කෙරුණා.
මේක ඇත්තක්ද බොරුවක්ද කියන්න අපි තවම හරියට දන්නේ නැහැ. හැබැයි ඕනම කෙනෙක්ට කතාව බැලුවා නම් මේ කියන කාරණය තේරුම් යනවා. දැන් දැන් දෙවෙනි ඉනිමට සමල්කාගේ චරිතය අත්‍යවශ්‍ය නැහැ. මේ කතාවේ ප්‍රධානම චරිතය අප්‍රධාන වන ලෙස තිර පිටපත ලියවෙන්නේ හේතුවක් නැතුව කියලා කියන්න පුළුවන් කාටද?
අපි බලා ඉමු. මේ තරම් ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත නාට්‍යයක් මේ විදියට වෙනස් කරනවා නම් ඒ ගැන මෙහි නිෂ්පාදකතුමන් සහ අධ්යක්ෂතුමන් නැවත වරක් සොයා බැලිය යුතුයි.