
Himaya Bandara Exclusive from Starfriends.lk
සෙනාලි (Sonali) ටීචර් කියන්නේ අපි එදිනෙදා දකින සාමාන්‍ය ටීචර් කෙනෙක් නම් නෙමෙයි. සෙනාලි ටීචර් තරමක් සෙක්සියි. ළමයෙක් වගේ තරුණයි. ඇඟ නිකම් වාත්තු කළා වගේ. දෙවැනි ඉනිම බෝයිස් ස්කූල් එකේ උසස්පෙළ ආර්ට් ක්ලාස් එකේ ළමයි සෙනාලි ටීචර්ගෙන් ඉගෙනගන්න වාසනා කරලා තියෙනවා. සෙනාලි ටීචර් උගන්වන්නේ සිංහල. කොයිවෙලෙත් වේවැල අතේ. ලයනල් සඳුන් සර් සෙනාලි ටීචර්ට පොඩි කැමැත්තක් තියෙනවා. හැබැයි සෙනාලි ටීචර් ඒකට පොඩ්ඩක්වත් කැමැති නෑ. උසස්පෙළ ළමයි පාසලෙන් ඉවත්වෙන දවසේ සෙනාලි ටීචර් ඉකි ගහගහ අඬනවා. ඒ සෙනාලි ටීචර් තමයි හදිසියේ මෙහෙම සැත්කමකට මුහුණදෙන්නේ.
සෙනාලි ටීචර් විදියට ආලින්දයට ගොඩවුණ ඈ තමයි හිමායා බණ්ඩාර (Himaya Bandara). පහුගිය දවස් කිහිපයේ සෙනාලි හිටියේ තරමක් අසනීපයෙන්. දෙවෙනි ඉනිමේ (Deweni Inima teledrama) රංඟන කටයුතුවලට අමතරව ඇයට නිර්මාණ භාරගන්නත් බැරිවෙනවා ඒ නිසා. ඇත්තටම හිමාලිට හදිසියේම සැත්කමකට මුහුණදෙන්න සිදුවෙලා. දැන් නම් අය සුවය ලබා ටිකක් විවේකීව ඉන්නවා.
හිමායා කියන විධියට ඇය ආදරය විඳිමින් සිටිනවා. නමුත් ඇය පෙම්වතියක් ද කියන්න ඇය තවමත් දන්නේ නැහැ. විවාහය කියන කාරණය සම්බන්ධයෙන් කියන්නත් ඇයට තවම පුළුවන්කමක් නැහැ. හිමායාගේ බලාපොරොත්තුව වන්නේ තව අවුරුදු තුන හතරකින් විදෙස් රටක පදිංචියට යන්න. ඒ නිසා හොඳ නිර්මාණවලට සම්බන්ධ වීමේ ආසාවක් ඇයට තියෙනවා. හිමායා රංඟනයට ප්‍රවිශ්ට වන්නේ සාමා කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපනය කරමින්. නමුත් ඇයට මතකහිටින සිනමා රංඟනයක් තවමත් ලැබී නැහැ. සාමාන්‍යයෙන් හිමායා වැඩක් භාරගන්න කලින් ප්‍රඩක්ෂන් එකේ සිටින පිරිස එක්ක වැඩ කරන්න පුළුවන්ද කියන කාරණයත් හොයලා බලනවා. මේ වනවිට ඇයගේ වෘත්තිය වන්නෙත් රංඟනයමයි. දැන් හොඳ නිර්මාණ බිහිවන බවත් හිමායා විශ්වාස කරනවා. එවැනි වෙනස් නිර්මාණයකින් ඔයාලා අතරට එන්න හිමායා දැඩි කැමැත්තකින් ඉන්නවා.
Himaya Bandara Exclusive from Starfriends.lk