
Duleeka Marapana Exclusive from Starfriends.lk
මිනිස්සුන්ට වෙන්නෙත් ඉතින් හරිම හරි දේවල් නේද? ඕනම දෙයක් වෙනවා නම් මිනිසුන්ගේ තත්වේ, තරාතිරම දුප්පත් පෝසත් බේද නම් කොහෙත්ම බලපාන්නෙ නෑ. ඒක ඔටෝ වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් කාගේ හරි උවමනාවකට, ආශාවකට, බලහත්කාරකමකට වෙන්නත් පුලුවන්. ඒත් ඉතින් මොන විදියෙන් ඒ වගේ දේවල් වුණත් ඔතනදී එක පැත්තක් කට්ටියක් සතුටු වෙනකොට අනික් පැත්තේ අය නම් මාර අවුලක තමයි ඉන්නේ. හැබැයි ඒ අවුල, අවුල්ම වෙන සීන් එකක් වුනොත් තමයි. මේ වගේ සීන් එකක් ඊයේ පෙරේදා දවසක දුලිකා මාරපනටත් වෙලා තියෙනවා. හරියටම කියනව නම් 28 වෙනිදා. ඒ කියන්නේ දෙරණ සිනමා උළෙල තිබුන දවසේ. හොඳම වැඩේ කියන්නේ මේක වෙලා තියෙන්නෙත් දෙරණ සිනමා සම්මාන උළෙලේදිමයි. කතාවේ හැටියට නම් කියවෙන විදියට මේකෙ ඇඟිල්ල දික්වෙන්නේත් දෙරණටම තමයි. එතකොට මොකක්ද මේ කතාව. හරියටම වෙලා තියෙන්නේ මෙන්න මේකයි. සම්මාන උළෙලට ආපු artist ලාට නිසි අයුරින් ගරු කරන්නවත් දෙරණේ සමහර ඇත්තෝ උනන්දු වෙලා නෑ. ඇත්තටම කියන්න තියෙන්නෙ එහෙම දේවල් වුණා නම් ඉතින් ඒවා එච්චර හොඳ දේවල් නෙවෙයි කියලයි.
මේ කියන සිද්ධියට තනිකරම මූණ දීලා තියෙන්නේ සහ අපහසුතාවයට පත්වෙලා තියෙන්නේ දුලිකා මාරපන. මොකද දුලිකා සම්මාන උළෙලට ගිහිල්ලා තියෙන්නෙත් ෆිල්ම් producer කෙනෙක් එක්කයි, හස්බන්ඩ් එක්කයි. මෙතන ආසන වෙන් කරලා තියෙන්නේ vip විදියට වගේම vvip විදියට. කොහොම වුණත් මේ අය එතනට ගියාම මෙයාලව පිරිසක් සීට් වල වාඩි කරවලා තියෙනවා. ඊට පස්සේ තවත් ටිකකින් දෙරණෙ කාන්තාවක් ඇවිත් මෙයාලට නැගිටින්න කියලා තියෙනවා. එහෙම කියලා තියෙන්නේ මෙතන වෙන් කරලා තියෙන්නේ ජූරි සභාවට කියලා. ඉන් පස්සේ මේ අය එතනින් නැගිටලා තවත් තැනක වාඩි කරවලා තියෙනවා. එතනදි වෙලා තියෙන්නේ දුලීකා එක තැනක හස්බන්ඩ් තවත් තැනක. ඊට පස්සේ ආයෙමත් ටිකකින් මාර්කටින් එකේ කියන පිරිසක් ඇවිල්ලා දුලිකාගේ හස්බන්ඩ්ව නැගිට්ටවලා තියෙනවා. ඒ පාරනම් ඉතින් එයා, දුලිකාගේ හස්බන්ඩ් කෙලින්ම ගිහින් නතර වෙලා තියෙන්නෙ ගෙදර. ඒ එකක්ම දුලීකාත් ගෙදර ඇවිත් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි දෙරණ සම්මාන උළෙලේදී artist ලාට සලකලා තියෙන්නේ කියලා තමයි දුලීකා කියන්නේ. මේක හරි අපූරු කතාවක් විදියට හැම විස්තරයක්ම ෆේස්බුක් එකේ සටන් කරලා තිබ්බ දුලිකා දෙරණට තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරන්නත් අමතක කරලා තිබ්බෙ නෑ. ඒ එක තැනක මෙන්න මෙහෙම කියලා තියෙනවා.
“මට ලැජ්ජාවක් ඇති විය. ජීවිතයේ ප්‍රථම වතාවට මට ලැජ්ජාවක් ඇතිවිය. ඒ මන්ද යත් සෑම විටම සමානාත්මතාවයට ගරුකරන , අනෙකාට අපහසුවක් ඇතිනොවන ලෙස ජීවත්වන්නට උත්සාහ කරන මම , බොහෝ ගෞරවයෙන් සහභාගි වු දෙරණ සිනමා උලෙළ තුල මට කල අගෞරවයයි. රධිකා, ඔබ පාවිච්චි කලා මගේ නම ….. එය ඔබකල දෙවන වරද . දුලිකා මරපන නැගිටලා ගියා නම් ඇයි ඔයාට යන්න බැරි යනුවෙන් පවසා, බොහෝ ගෞරවනීය කන්තාවක් උලෙළ මැද එම ආසනයෙන් නැගිටවා ඇයද වෙනත් අසුනකට යවා තිබුනා. ඔබලා විනාශ කරන්නේ සමස්ථ කලකරුවාගේම ගෞරවයයි. ඔබලාගේ සැබෑ ස්වරූපය හඳුනාගන්නට සැලැස්වූවාට බොහෝ පින්……” කියලා.
Duleeka Marapana Exclusive from Starfriends.lk