
දෙනුවන් කියන්නෙ කාලෙකට පස්සෙ ලංකාවේ කොමඩි කලාවට බිහිවුණ දක්ෂ නළුවෙක්. ඒ වගේම දක්ෂ ඉදිරිපත් කරන්නෙක්. මේ ඕක්කොම පැත්තකින් තිබ්බම දෙනුවන් කියන්නෙ ආදරණීය තාත්තෙක්. දෙනුවන්ට හුගාක්ම ආකර්ශනය වෙන්නෙ වයසක අයලු. හැබැයි දෙනුවන් හුගාක්ම ආකර්ශනය වෙන්නෙ එයාගෙ අම්මට, බිරියට සහ දුවටලු . දෙනුවන් දුවට හුඟාක් ආදරෙයි කියලා කියන්නෙ දෙනුවන්ගේ ආදරණීය බිරිය. උදේට නැගිට්ටම බබා දෙනුවන්ගේ මූණ දිහා බැලුවෙ නැත්තන් දෙනුවන් අප්සට් වෙනවලු. මහ රෑට ගෙදර ආවම දුවව නැගිට්ටව ගන්න දඟලනවලු. කොහොම වුණත් දෙනුවන් ගැන මෙහෙම විස්තර කියන බිරිය දිලූකා එයාගෙ ජීවිතේ සංවේදීම අවස්ථාවක් ගැනත් කියනවා. දිලූට බබා ලැබෙන්න ඉන්නකොට දෙනුවන් එයා ළඟට ආවෙ නැහැලු. මොකද දෙනුවන් ඒ අවස්ථාවට මුහුණ දෙන්න හරිම බයයිලු. අන්තිමට බබා ලැබුණම එයා දොස්තරට වගේම බබාටත් වඳින තරමට සංවේදී වුණාලු.