Daily News
Trending

දෙන්නෙකුට ලව් කරලා තුන්වැනියා එක්ක ගෙවෙන ටීනාගේ ආදර කතන්දර

Teena Shanell Fernando




Teena Shanell Fernando

ටීනා ශනෙල් පොඩි කාලයක් ඇතුලත විශාල ජනප්‍රියත්වයක් අත්පත් කරගන්නවා. නිරූපිකාවක් වුණත් ඇයව එක රැයින් ජනප්‍රිය කරවන්න ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂවරයා සමත් වෙනවා. එහෙම වෙන්නේ ඔහුගේ සිනමා නිර්මාණයක ටීනා ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමත් එක්ක. ටීනා මේ දිනවල ජනප්‍රිය මෙගා ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයකුත් නිරූපනය කරනවා. මේ හැමදේම නිසා ටීනා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටින නිළියක් බව කියන්න පුළුවන්.

ටීනාට ෆෑන්ස්ලා සෑහෙන ඉන්නවානේ. එයාලගේ ආදරයත් අඩුවක් නැති වෙලාවක ටීනා ඇත්තටම ආදරයෙන් වෙලී සිටි ප්‍රේම කතා ගැන කියන්න අපි අදහස් කළා.

ඉස්කෝලේ යන කාලේ ටීනාගේ පස්සෙන් එක කොල්ලෙක් එනවාලු. ටීනා මේ කොල්ලට අකමැති බව පෙන්නුවට ටික දවසකින් ප්‍රේමයෙන් වෙලෙනවා. අවුරුදු හයක් පමණ තිබුණ මේ පාසැල් ප්‍රේමය නොගැලපීම් නිසා අතරමග නතර වෙනවා. ඊට පස්සේ ටීනාගේ ආදරය උරගා බලන්නේ වෙනත් තරුණයෙක්. ඒ ආදර කතාවත් අතරමග නතර වුණාට පස්සේ ටීනාව හොයාගෙන එන්නේ වර්තමාන ආදර කතාවේ ප්‍රේමවන්තයා. ටීනා ඔහු සම්බන්ධයෙන් වැඩිපුර විස්තර හෙලිදරව් කරන්න කැමැති නැහැ. තවම විවාහ වෙන්න අදහසකුත් නැති නිසා ඔවුන් නිදහසේ ප්‍රේමය විඳිමින් සිටින බව පේනවා.

Teena Shanell Fernando

ඒ අනුව ටීනාගේ ජීවිතයේ තුන්වැනි ආදර කතාව ඇය වර්තමානයේ අත් විඳිමින් ඉන්නවා. ඔහුගෙන් ඉස්සෙල්ලාම ටීනාට ලැබෙන්නේ ඒ දෙන්නගේ ඡායාරූපයක්.

ටීනා සාමාන්‍ය නිරූපිකාවන් වගේ ක්ලබ් යන්නේ නෑ. ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ. ඉතින් ඒ දේවල් නිසා ඇයට පෙම්වතාගේ ආකර්ශනය වැඩියෙනුත් එක්ක ලැබෙනවාලු.

ටීනාගේ ආදර කතාව ඉක්මනින්ම විවාහයෙන් කෙළවෙර වේවා කියලා ඔන්න අපිත් ප්‍රාර්ථනා කළා.

Teena Shanell‘s Boyfriends, Life of Teena Shanell Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close