
මුලු ලෝකයක් බලන් හිඳපු දෙන්නෙක්ගේ විවාහයට ඔන්න දැන් දින නියම වෙලා තියෙනවා. දීපීකා පදුකෝන්ගෙත් රන්වීර් සිංගෙත් විවාහය දැක බලාගන්න බොහෝමයක් දෙනා බලන් හිටියා. දින නියමයක් නැතිව මේ විවාහය කල් ගියා කිව්වම තවත් රසික පිරිසක් දුක් වුණා.
කොහොමින් කොහොම හරි ඔන්න දැන් ඉතින් මේ දෙන්නගේ විවාහයට දින නියම වෙලා. නොවැම්බර් මාසේ 14,15 තමයි මේ දෙන්නගේ විවාහය පවත්වනවා කියලා ආරංචි. 14 වෙනිදා තමයි මේ දෙන්නගේ විවාහයේ සියලුම චාරිත්‍ර කරන්නේ.15 වෙනිදා කලා කරුවන්ටත්, ක්‍රීඩකයන්ටත්, දේශපාලකයන්ටත් ආරාධනා කරලා තියෙනවලු. 500කට අධික පිරිසකට මේ විවාහය සඳහා ආරාධනා කරලා තියෙනවලු.
බොලිවුඩයේ සුපිරි තරු සියල්ලම වගේ දීපිකා රන්වීර් විවාහයට සහභාගී වෙයි කියලා තමයි ඉන්දියානු මාධ්‍යය වාර්තා කරන්නේ.