Daily News
Trending

දීපිකාගේ හෑන්ඩ් බෑග් එකට එබෙන්න ආසයි. – අසේකා විජේවර්ධන




අසේකා කියන්නේ චන්න උපුලිගේ කැදැල්ලේ උණුහුම විඳින එකම දියණිය. ඇය දෙමාපියන්ගෙන් උරුම වුණ නර්තන හැකියාවෙන් පිරිපුන් සුන්දර තරුණියක්.

බොහෝ දෙනා දන්නේ අසේකා කියන්නෙ ඉතාම චාම් සහ නිහඬ චරිතයක් කියලයි.

තරුණ ගෑනු ළමයි හෑන්ඩ් බෑග් එකක් නැතිව කොහෙවත් යන්නේ නැහැනේ. මේ කියන්න හදන්නේ අසේකාගේ හෑන්ඩ් බෑග් එක ගැන.

ඒක ඇතුලේ පර්ෆියුම් සහ බොඩි ස්ප්‍රේ එක නම් වරදින්නේම නැහැලු. ඒ වගේම වෙට් ටිෂූස්, නෝර්මල් ටිෂූස්, හෑන්ඩ් ෆ්‍රී, ලිප්ස්ටික්, මුදල් පසුම්බිය වගේ පොඩි පොඩි බඩු ටිකක් අසේකාගේ හෑන්ඩ් බෑග් එකේ කොයිවෙලෙත් වරදින්නේ නැහැ.

අසේකා ගොඩක්ම ආස පොඩි හැන්ඩ්ල් එකක් තියෙන පොඩි හෑන්ඩ් බෑග් වලට. දිග බෙල්ට් එක්ක එන හෑන්ඩ් බෑග් වලට ඇය කැමති නැහැ.

අසේකාට විදෙස් සංචාර වලදී මිලදී ගත්ත හෑන්ඩ් බෑග් 30ක විතර එකතුවක් තියෙනවාලු. ඒ අතර තෑගි ලැබුණ හෑන්ඩ් බෑග් එහෙමත් තියෙනවා. හැබැයි ඉතින් අසේකාට යන යන තැන මොනවාම හරි අමතකවන පුරුද්දක් තියෙනවා. සහෝදර ශිල්පීන් ඉන්න නිසා ඉතින් එහෙම අමතක වෙන හැමදේම ආයෙත් අසේකාටම ලැබෙනවා.

අසේකා එයාගේ හෑන්ඩ් බෑග් එක විශ්වාසවන්ත කෙනෙක්ගේ අතට විතරයි පත් කරන්නේ. ඒ වගේම එයාගේ සුරතල් බලුපැටියාව හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න තිබුණා නම් අසේක හරිම කැමැත්තෙන් ඒක කරනවාලු.

හෑන්ඩ් බෑග් එකයි ගෑනු ළමයිනුයි අතර තියෙන්නේ ගහට පොත්ත වගේ බැඳීමක්නේ. ඉතින් නානාප්‍රකාර හෑන්ඩ් බෑග් විලාසිතා තරුණියන් අතර පාවිච්චි වෙනවා.

නිකමට හිතන්න, බොලිවුඩ් සුරූපී නිළි දීපිකා පදුකෝන්ගේ හෑන්ඩ් බෑග් එක මොන වගේ ඇද්ද? ඒක ඇතුලේ මොනවා තියෙනවා ඇද්ද? ඇත්තටම අසේකා ආසයිලු දීපිකාගේ හෑන්ඩ් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා දැනගන්න. දැන් නම් ඒකෙ තියෙන ජාති වෙනස් වෙලා ඇති. මොකද දීපිකාගේ විවාහය සිදු වුණානේ. දැන් රන්වීර්ට අවශ්‍ය කලමණාත් දීපිකාගේ හෑන්ඩ් බෑග් එකේ දාලා තිබෙනවා වෙන්න පුළුවන්.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close