
Birthday party කියන ඒවනම් මොනවද ඉතින් නේද? තැනක් නොතැනක් නෑ වෙලාවක් අවේලාවක් නෑ ජයටම celebrate කරනවා. සමහරුන්ට නම් Birthday කියන ඒවා වහකදුරු. ඒකට නම් ඉතින් හේතුව වෙන දෙයන් නෙවෙයි අතින් කයිට් වෙන එක තමයි. නැතුව මේ වයස අවුරුද්දකින් තවත් වැඩි වෙනවා, අපි ටිකක් වයසට යනවා වගෙ සීන් එකක් එහෙම නෙවෙයි. අන්න එ්ක නිසා අපේ මිනිස්සු නම් ඉතින් Birthday එක හංගන්න දාන්න තියෙන සෙල්ලම් සේරම ටික දාලා තමයි පස්ස බලන්නෙ. හැබැයි ඉතින් wish කරන්න නම් බලාගෙන ඉන්නෙ රට පටලවගෙන. මෙන්න මේ දවස්වල, දවස්වල නෙවෙයි පහුගිය 6 වෙනිදා මුම්බායිවල අපූරුවිදියෙ සුබ පැතුම් එහෙ මෙහෙ ගියා. එ් වෙන මොකටවත් නෙවෙයි ,රන්වීර් සිංගෙ 34 වෙනි Birthday එකට. කව්රැ, කොහොම wish කරත් ඉතින් වැදගත්ම සුබ පැතුම් එන්නෙ ගෙදරින්ම තමයි. ඔන්න එදා කව්රැවත්ම රන්වීර්ගෙ දැක්කෙ නැති photo එකක් එක්ක. දීපිකා Instagram එකට ඒ photo එක upload කරලා අපූරු සුබ පැතුමකුත් එකතුකරා. සුබ පැතුම පැත්තකින් තියමුකො දීපිකා දාපු photo එකනෙ photo එක. ඒකෙ තිබුනෙ රන්වීර් පොඩිම පොඩි කාලෙ glass එකකුත් අතේ තියාගෙන ice cream එකක් කන සීන් එකක්. එයා මේ photo එකත් එක්ක මෙන්න මෙහෙමයි caption එකදාලා තිබ්බෙ.
“Sensitive & emotional,caring & compassionate,generous & gentle,funny & intelligent,delightful & faithful…all this and so much more… To my husband, my friend, my lover, my confidante…but more often than not, my child, my infant,my toddler,my dot,my pineapple, my sunshine, my rainbow…May you forever and always be this way…I love you…❤️”