Daily News
Trending

දිරිය දියණියකගේ ජයග්‍රහණයේ කතාව – උදුම්බරා..




අපේ රටට යොවුන් ඔලිම්පික් පදක්කම් දෙකක් දිනා දෙන්න ශෙලින්ඩා සමඟ පාරමී සමත් වන්නේ මීට දින කිහිපයකට කලින්. ඒ අතරින් පාරමී දියණිය ඔලිම්පික් දක්වා යන්නේ අනන්ත බාධක මැදින්. ඒ නිසා මේ ජයග්‍රහණයෙන් පස්සේ ඇයට නිවසක් ලබා දෙන්න පවා තීරණය වුණා.

උදුම්බරා කියන්නෙත් ඒ වගේම දුක් දිනා සිංහ කොඩිය ජාත්‍යන්තරය හමුවේ අභිමානයෙන් එසවූ දියණියකගේ කතාවක්. එම් එන්ටර්ටේන්මන්ට්ස් ඉදිරිපත් කිරීමක් වන උදුම්බරාහී අධ්‍යක්ෂණය K.S. Chammanthraj ගේ. ජැක්සන් ඇන්තනී, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, සරත් කොතලාවල, හර්ෂි රසාංග ඇතුළු දක්ෂ නළු නිළි පිරිසක් උදුම්ඹරාහී රංඟනයේ නිරත වනවා.

ඒ විතරක් නෙමෙයි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව සිනමාවට හඳුන්වා දීමත් මෙහිදී සිදුවන බව කිව යුතුයි.

කාලයත් සමඟ වේගයෙන් දුවන දිරිය දියණියකගේ කතාවක් වන උදුම්බරා උපන් බිම පිළිබඳව අභිමානය දනවන ධනාත්මක සිනමා කෘතියක් බව නොඅනුමානයි. ඒ බව මේ වනවිටත් අන්තර්ජාලයට මුදාහැර ඇති උදුම්බරාහී පූර්ව ප්‍රචාරක පටයෙන් පවා පැහැදිලි වෙනවා.

Tags
Show More
Close