
මීට කාලෙකට ඉස්සර වෙලා දෙවෙනි ඉනිම පටන් ගත්තේ මෙච්චර කාලෙකට ලංකාවේ කරපු නැති විදියෙ ටෙලි නාට්‍යක් කරන්න තියෙන උවමනාවට කියලා දෙරණ බලන හැමෝටම පේන්න තියෙන දෙයක්. එහෙම කාලාන්තරයක් තිස්සේම රූපවාහිනියට මේ වගේ ටෙලියක් තිබුණේ නැති හින්දාමද කොහෙද තමයි කිරන්නත් බැරි තරමට එහෙන් මෙහෙන් හතරවටෙන් ඇණුම්, බැණුම්, ගල්වරුසා විසි වෙන්න පටන් ගත්තේ. සමහර ටෙලි වලට නම් ඉතින් එන තරමක් එන්නේ මල්වරැසානේ. ඒ උනාට දෙවැනි ඉණිමට නම් ආපු තරමක් ආවෙ ලොකු ටිපර් එකක් පුරවන්න තරම් විදියෙ ගල්. ඒත් ඉතින් ඒ වගේ තමයි ඒකේ අනිත් පැත්තත්. Young age එකේ ඉන්න සෙට්එක අල්ලගත්ත දෙවෙනි ඉනිම ඊට පස්සේ මුළු පවුලෙම බලය තමන්ගේ අතට ගන්න සමත් වුණා. මෙන්න මෙතන ඉඳලා තමයි දෙවෙනි ඉනිම මල් වලින් නෑ වෙන්න පටන් ගත්තේ. එහෙම මල් වලින් නෑ වෙනකොට දෙවැනි ඉනිම අනිත් ඒවට ඩ්‍රාමාවලට වඩා ගව් ගණනක් දුර ගිහිල්ලා ඉවරයි. දැන් නං ඉතිං ලඟට එන එකත් බොරු.මිනිස්සු මුල් කාලෙදී දෙවෙනි ඉනිමට විරුද්ධ වුණේ ඉස්කෝලේ යන ළමයින්ට සෙට් වෙන්නෙ නැති දේවල් ඒකෙ තියෙනවා කියලා. කොහෙද ඉතින්?.. ඒ තිබ්බ දේවල් නැවැත්තුවෙත් නෑ. ඇඟිල්ල දික් කරපු මිනිස්සු බලන එක නැවැත්තුවෙත් නෑ.ඒකනෙ තවමත් දෙවෙනි ඉනිම කාටවත් දෙවෙනි නොවී ලංකාවේ අංක එකේම ඉන්නේ.
හැබැයි ඉතින් කොහොම වුණත් දෙවෙනි ඉනිම බලපු වෙලාවේ ඉඳලා හැමෝටම problems, problems හැම පැත්තෙන්ම problems මෙන්න මේ දවස් වල නම් කවුරු කාට නොකිව්වත් දෙව්මිගෙ love එක ලැබෙන්නේ කාටද කියන එක තමයි ලොකුම සීන් එක. සමහරු නම් කියන්නේ අවන්තගෙන් මිස්වෙලා ලව්එක හෙමීට මලින්ද පැත්තට කැරකෙන සීන් එකක් තමයි පේන්න තියෙන්නෙ කියලා. හරි ඉතින් අවන්ත නම් මුල ඉදලාම දෙවෙනි ඉනිමේ බැට් කරපු චරිතයක් නේ. එතකොට කවුද මේ මලින්ත.
මලින්ත කියන්නේ dineth epaliyana ට. දිනෙත් ඇවිල්ලා රඟපාන්න හිතාගෙන ආපු කෙනෙක් නම් නෙවෙයි. ඒත් මේ ෆීල්ඩ් එක පැත්තෙන් වැඩ්ඩෙක් වෙන්න කියලා හිතාගෙන study කරපු කොල්ලෙක්. හැබැයි ලංකාවෙ නෙමෙයි. Act, කරලා නැති වුණාට ඒ ගැන නම් හොඳ අවබෝධයක් තියෙන චරිතයක් කියලා තමයි සෙට් එකට බැස්සට පස්සෙ කවුරුත් කියන්නෙ. ඒත් මෙයාගේ මුල නම් තියෙන්නෙ කලාව එක්ක නෙවෙයි. පවුලේ හැමෝම ඉන්නේ බිස්නස් වල. ඒ කියන්නේ සංචාරක අවන්හල්, නිවාඩු නිකේතන එක්ක තමයි life එක නැරකුනේ.
රෝයල් එකේ study කරලා ඉවර උනාට පස්සේ දිනෙත් කෙලින්ම ගිහින් නතරවෙලා තියෙන්නේ ඇමරිකාවේ. සිනමා හා රූපවාහිනී ගැන ඩිග්රියක් කරලා තමයි ලංකාවට ආවේ. ඔය කියන කාලෙදී music video වගේම ෆිල්ම් එකකුත් කරන්න දිනෙත්ට පුළුවන් වෙලා තියෙනවා. හැබැයි රඟපාන්න නම් බැරි වෙලා තියෙන්නෙ ඒකේ තියෙන විදිහට දිනෙත්ට කරන්න පුළුවන් ෆිල්ම් එක කරන වැඩේ විතරයි. කොහොමින් කොහොම හරි දෙවෙනි ඉනිම තමයි දිනෙත්ගෙ රංගනය පළමු ඉනිම. ඔන්න එතන ඉඳලා තමයි දිනෙති මේ වැඩ පෙන්නන ලේස්ති වෙන්නෙ.
මේ වගේ කැපිල පේන හාදයෙක්ගෙන් ඉතිං මිනිස්සුන්ට මොනවද අහන්න නැත්තෙ නේද? ඒ වගේම young age එකේ බල්ටි ගහන කොල්ලෙක් විදියට දිනෙත්ටත් ඕනතරම් කියන්න සේවල් ඇති. ඉතින් දිනෙත් අාදරේ ගැන කියලා තියෙන්නෙ මෙහෙමයි.
ආදරේ කියන දේ මේ සමාජයෙ අඩුවෙන්ම තියෙන දෙයක්ලු. ඒත් ඉතින් හැම කෙනෙක්ම වගේ හොයන්න බලාපොරොත්තු වෙන්නෙත් මේ ආදරයමලු.ඒක ඉතින් එයාටත් පොදුයි කියලා තමයි දිනෙත් කියන්නේ .ඒ කියන්නේ ඉතින් එයත් මේ වෙනකොට ප්‍රේමවන්තයෙක්ද දන්නෙත් නෑ. කොහොම වුණත් කියන්නේ නම් කවුරු කොහොම ආදරය කළත් තමන් ආදරය කරන කෙනාට අවංකව ආදරේ කරන්න ඕන කියලා. ප්‍රශ්න නැති වෙන්න එතකොටලු. කලාව වුණත් ආදරේ කියන දේ වෙනුවෙන් කැප කරන්න සූදානම් කියලයි කියන්නේ. විශ්වාසයෙන් ඉන්නවා නම් කැපකිරීම් කරන්නෙ ඕන වෙන්නෙ නෑත් කියල තමයි කියන්නේ. එයාගේ love එක ගැනත් ඔන්න දිනෙත් කතාකරලා තියෙනවා. මේ love එක පටන් අරන් තියෙන්නේ අවුරුදු විසි ගණන් වල මැද හරියෙදි කියල තමයි දිනෙත් කියන්නේ. ඒක වෙලා තියෙන්නේ යාලුවෙක්ගෙ මාර්ගයෙන්ලු. කොහොම වුණත් ඉස්කෝලේ යන කාලේ නම් ටියුෂන් ක්ලාස් වලදිනම් ලියුම් පවා මාරු කරගත්තාලු. අන්තිමේදි ඉතින් වටින් ගොඩින් එහෙන් මෙහෙන් ඇවිල්ලා දිනෙන් එයාගේ love එක ගැනත් කිව්වේ ඔන්න ඔහොමයි.a