Daily News
දිනක්ෂි සහ ශනුද්‍රි ස්ටාර් සිටි 2020 ග්‍රෑන්ඩ් ෆිනෑලි වේදිකාව කණපිට ගැසීමේ සැලැස්මක…

“දෙරණ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ස්‍ටාර් සිටි 2020” කියන්නෙ මෑත කාලයේ දැකපු වෙනස්ම රියැලිටි අත්දැකීමක්. මේ රියැලිටි තරගයට සහභාගී වීම සිදු වුණේ යුගල වශයෙන්. ඒක නිකම්ම යුගල වන්නත් බැහැ. මොකක් හරි සම්බන්ධතාවක් උඩ මේ කපල් නිර්මාණය වෙන්න ඕනෙ. ඉතිං අම්මලා දූලා, තාත්තලා පුතාලා, තාත්තලා දූලා, යාළුවො, ඥාති සහෝදර සහෝදරියො යුගල වශයෙන් මේ තරගයට සහභාගී වුණා.
දිනක්ෂියි ශනුද්‍රියි ස්ටාර් සිටි වේදිකාවට එන්නෙ අක්කයි නංගියි කියන ලේ ඥාතිත්වය සමඟ.
මුල සිටම වේදිකාවේ විවිධ අතහදා බැලීම් කරපු මේ අක්කා නගෝ හැමදාමත් ස්ටාර් සිටි වේදිකාව පුදුමයෙනුත් පුදුමයට පත් කළා. විවිධ නර්තන ශෛලීන් පවා අනුකරණය කරමින් පළපුරුදු නර්තන ශිල්පිනියන් සේ නර්තනයේ යෙදුන මේ දෙන්නා කාගෙත් සුවිශේෂී අවදානයට ලක් වුණා.
ඉතිං දැන් ස්ටාර් සිටි ග්‍රෑන්ඩ් ෆිනෑලි එකට හුඟක් කිට්ටුයි. ඒ කියන්නෙ ජූලි 7 වැනිදාට සජීවීව මේ තරඟාවලිය පැවැත්වෙනවා. තරු තරු එකට ගැටෙන මේ උනුසුම් වේදිකාවට දිනක්ෂියි ශනුද්‍රියි මොන වගේ වෙනසක් එකතු කරාවිද?
හැමෝගෙම බලාපොරොත්තුව ඉටු කරමින් අක්කා නගෝ ස්ටාර්සිටි ග්‍රෑන්ඩ් ෆිනෑලි වේදිකාව කනපිට පෙරළීමේ සූදානමක සිටින බව තමයි අපිට දැනගන්න ලැබුණෙ. මේ දවස්ටිකේ ඒ වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා පෙර පුහුණුවීම් සිදුකරන බවත් ආරංචියි. අපිත් නොඉවසිල්ලෙන් ඉන්නෙ ඒ වෙනස බලන්න.
ඔන්න එදාට ශනූටයි දිනක්ෂිටයි ආදරය කරන ඔයාලට පුලුවන් මේ දෙන්නව ජයග්‍රාහී කිරුල දක්වා ඔසොවා තබන්න. ඒ ඔයාලා DSC හිස්තැනක් අංක 02 සඳහන් කරලා 9900ට යවන එස් එම් එස් මනාපවලින්.