
මෙදාපාර සුමති ජනප්‍රියම නිළිය සම්මාන සටනේ පෙරමුණේ ඉන්නේ ශලනි තාරකා. මේ සටනේ නයනතරා, මනීශා වගේ අය විතරක් නෙමෙයි දිනක්ෂි වගේම ශනුද්‍රිත් ඉන්නවා.
ඉතිං දිනක්ෂි ශලනි වෙනුවෙන් මනාපය පලකරන්න කියලා එයාගේ ෆේස්බුක් පිටුවෙන් ඉල්ලීමකුත් කරලා තිබුණා.
දන්නැද්ද ඉතිං… ලංකාවෙ හැටි මෙහෙමනේ. කොයිම අවස්ථාවේ වුණත් බලන්නේ කාවම හරි පටලවන්න. ඒකට ඉතිං අක්කා නංගි කියලා අදාලත් නෑ. දිනක්ෂිගේ පෝස්‍ට් එකට කට්ටිය ඉතිං හෝ ගාලා කමෙන්ට්ස් දානවා. නංගි ඉදිද්දි ඇයි ශලනිට සපෝර්ට් කරන්නේ, නංගිට ජෙලස් නේද.. ඔන්න ඔය වගේ එක එක කමෙන්ට්ස් වැටෙනවා.
දිනක්ෂි එහෙම ආපු කමෙන්ට් එකකට පිළිතුරු දෙනගමන් මෙහෙම කියනවා. ” ශලා කියන්නෙ මගෙ යාලුවා. ඇයි මම මගේ පොඩි නංගිට ඉරිසියා කරන්නේ. මෙතනදි මම ශලා සම්මානය ගන්නවට කැමතියි. ඔයාලත් ඔයාලා කැමති අයට එස් එම් එස් කරන්න.”
දිනක්ෂි – ශලනි කියන්නෙ ගජ යාළුවෝ කියලා හැමෝම දන්නවා. ඉතිං මේ පාර ශනූ ඉන්නේ මේ සටනේ හතර වැනියට විතර. අද දවසේ ඒක වෙනස් වෙයිද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි ශලනි නම් සෑහෙන ඉස්සරහින් ඉන්න බව පේනවා. ඉතිං වඩාත්ම ප්‍රායෝගික වෙන්නේ ශලනිට සපෝර්ට් කරන එක තමයි. එහෙම බැලුවම දිනක්ෂි හරි.
බලමුකො අද දවස ඇතුලත මොන වගේ වෙනසක් වෙයිද කියලා.