
Who is Dinakshie Priyasad’s Dancing Partner? Exclusive from Starfiends.lk
දිනක්ෂි ප්‍රියසාද් (Dinakshie Priyasad) පවුලේ ලොකු දුව. කොටින්ම දැන් විවාහ වෙන්නත් කාලේ හරි. මේ දවස්වල අතිෂය ජනප්‍රිය කතා කිහිපයකම දිනක්ෂි දකින්න ලැබෙනවා. ඒ අතරින් වෙස් සහ නිරාෂා කියන නාට්‍ය දෙකේම දිනක්ෂි රඟපාන්නේ සාරංගත් (සාරංග) එක්ක. තිරයේ පෙම්වතුන් නිසා හුඟක් අය හිතාගෙන හිටියේ දිනක්ෂිගේ partner සාරංග වෙයි කියලා. ඒත් ඒ අපි හිතපු විදියනේ. දිනක්ෂිගේ partner සාරංග නෙමෙයි. දිනක්ෂිගේ partner ලාංකේය සිනමාවේ සුපිරි තරුවක්. පොඩි පරහකට තියෙන්නේ මේ තරුව ළඟදී ජයට මඟුල් කාලා සුරූපී බිරියත් එක්ක සාර්ථක විදෙස් සංචාරයකුත් නිමා කරලයි ඉන්නේ.

කවුද දන්නවා ද ඒ? පුබුදු චතුරංග (Pubudu Chathuranga). අපි මේ කිව්වේ dancing partner ගැන. හෙට අනිද්දා වේදිකා ගත වෙන මහා සුපිරි තරු මංඟල්‍යයට දිනක්ෂි එක්ක නටන්න පුබුදු එකතුවෙලා තියෙනවා. දිනක්ෂි පුබුදු එක්ක rehearsals කරන video clip එකක් instergram account එකට එකතු කරලා තිබුණා.
පුබුදුගේ life partner වෙන්නේ මාෂි. දෙන්නා ඉතින් ගේ කුරුළු ජෝඩුව වගේ හරිම ආදරෙන් ඉන්නේ. දිනක්ෂිලා පුබුදුලා මාෂිලා ඉතාම හොඳ යාළුවෝ. විශේෂයෙන්ම මාෂි ප්‍රියසාද් සහෝදරියන්ගේ සමීප හිතවතියක්.
මෑතක ඉඳලා නිතර නිතර පුංචි තිරයේ දකින couple එක සාරංග සහ දිනක්ෂි නිසා හැමෝම හිතුවේ මහා තරු මංඟල්‍යයේ දී මේ දෙන්නා ගේ couple Dance එකක් දකින්න ලැබේවි කියලා. හැබැයි ඉතින් එහෙම එකක් තියෙනවාද නැද්ද කියන්න අපි හරීයටම දන්නේ නැහැ. සාරංග තිරයේදී නම් දිනක්ෂිට වගේම ශලනිටත් ගැලපෙනවා. අපි බලා ඉමුකෝ. සාරංගගේ partner මේ කවුරුවත්ම නොවෙන්නත් පුළුවන්. සාරංග දිනක්ෂි අසේකා ශනුද්‍රි මාෂි විනූ ශලනි මේ කට්ටියම එකම set එකේ හොඳ යාළුවෝ. ඒ නිසා කවුරු කාගේ dancing partner වුණත් ගැටලුවක් වෙන්නේ නැහැ.






Who is Dinakshie Priyasad’s Dancing Partner? Exclusive from Starfiends.lk