
රසිකයෝ කිව්වාම එක එක මාදිලියේ අය ඉන්නවා. උමතු රසිකයන් නිසා ජනප්‍රිය පුද්ගලයන්ට කරදර විඳින්නත් සිදු වෙනවා. මේ අතර සෙලිබ්‍රිටීස්ලාගේ ගොසිප් හොයන, විවේචන කරන පිරිසකුත් ඉන්නවා. ජනප්‍රිය වෙලා ජීවත් වෙනවා කියන්නේ මේ ඔ්නෑම ආකාරයක ප්‍රතිචාරයක් දරාගන්න සිදුවනවා කියන එක. විශේෂයෙන්ම සමාජජාල මාධ්‍යය නිසා ජනප්‍රිය තරු අපහසුතාවන්ට පත්වන අවස්ථා වැඩිවෙලා තියෙනවා. තැනක් නොතැනක් නැතිව මිනිස්සු තමන්ගේ අගය කිරීම් සේම ගැරහීම් ද සමාජ ජාල මාධ්‍යය ඔස්සේ විවෘතව කියනවා.
මෙහෙම අනවශ්‍ය කතාවක් ඇදලා ගත්ත පුද්ගලයෙක්ට දිනක්ෂි ප්‍රියසාද් පසුගිය දවසක හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඒ ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ. කොහොම වුණත් මේ පුද්ගලයා දිනක්ෂිගේ පෞද්ගලික ජීවිතයට අදාල කාරණාවක් තමයි මේ විදියට ඉස්මතු කරලා තියෙන්නේ. ඊට ප්‍රතිචාර දක්වන දිනක්ෂි කියලා තිබුණේ, මගේ රංඟනය ගැන කියන ඔ්නෑම දෙයක් මම පිළිගන්නම්, හැබැයි මගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න කරන්න ඔයාට අයිතියක් නැහැ කියලා.
මේ කියන පුද්ගලයාට දිනක්ෂි අවසාන වශයෙන් කියලා තිබුණේ තමන්ට අකමැති නම් අන්ෆලෝ කරන්න කියලා. ප්‍රමාණය ඉක්මවා තව කෙනෙක්ගේ අතිශය පෞද්ගලික කාරණා සම්බ්න්ධයෙන් උනන්දුවන මිනිස්සුන්ට දිනක්ෂි දීලා තිබුණේ සැර පිළිතුරක්.
දිනක්ෂි මේ දිනවල පුංචි තිරයට නැතිවම බැරි චරිතයක් වෙලා. ඇයගේ වේදිකා නාට්‍ය රංඟනයත් පහුගිය දවසක අපිට දැකගන්න ලඅබුණා. ප්‍රියසාද් පවුලේ වැඩිමලා නිසා දිනක්ෂිට යම් වගකීමක් තියෙනවා. ඇය ඒ වගකීම නිවැරදිවම හඳුනන බවත් පෙනී යනවා. විශේෂයෙන්ම කිව යුතු වන්නේ දිනක්ෂිට ඉතාම විශ්වාසවන්ත රසික පිරිසක් සිටින බව. ඇය මේ ක්ෂේත්‍රයේ දිනා ඇති යහපත් ප්‍රතිරූපය තමයි ඒකට හේතුව වන්නේ.