Daily News
Trending

“දිගම උපන්දින සුභ පැතුම” වාර්තාව එක්ක ජැක්සන් ඇන්තනීගේ උපන්දිනය සැමරුන හැටි…




මේක හරි අපූරු වැඩක්. මේ වැඩේ සංවිධානය කරන්නෙ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක්. ජැක්සන් ඇන්තනී මහත්තයගේ උපන්දිනය නිමිති කරගෙන තමයි ඔවුන් මේ කාර්‍යය කරන්නෙ.

මේ උපන්දිනයක් වෙනුවෙන් එක දිගට වැඩිම වේලාවක් ලැබුණ සුභ පැතුම් පණිවිඩය වෙන්න පුළුවනි.

ජැක්සන් ඇන්තනී වෙනුවෙන් මේ වාර්තාව තියන්න රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා අනෝජා වීරසිංහ ආදී ප්‍රවීණයන්ගේ සිට සනුක වික්‍රමසිංහ, නදීමාල් පෙරේරා ආදී නවකයින් දක්වා විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒ අය අතර රෝහණ බැද්දගේ, ප්‍රසන්න විතානගේ, සුසාර දිනාල්, සජිත් ඇන්තනී, චරිතා ප්‍රියදර්ශනී වගේ විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් හිටියා.

හැමෝම තමන්ගේ විදියට සහෝදර නිර්මාණ වේදීයාට සුභ පැතුම් එකතු කළා.

මේ තරම් විස්මය ජනක සුභ පැතුම් ගොඩක් අතරට ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් අපිත් අපේ සුභ පැතුම එතුමන් වෙනුවෙන් එකතු කරනවා.

ජැක්සන් ඇන්තනී නම් වූ සුවිශේෂී කලාකරුවාට දීර්ඝායුෂ !!!

Show More
Close