
අපි ටීනා ගැන දන්න දේවල් වලටත් වඩා නොදන්න දේවල් වැඩියි. ඒත් ඉතින් ඕනම දෙයක් දන්නවා දන්නවා කියලා හිටියට ඒක ගැන කවදාවත් දන්න දෙයක් නම් නෑ. ටීනා ගැන නෙමේ අනිත් අය ගැන බැලුවත් ඉතින් කතන්දරේ ඒකම තමයි. ටීනා ගැන නම් දන්න ලඟම දේ එයා ගෝරි ෆිල්ම් එකේ ඉන්නවා කියන එක. හැබැයි ඒකට තවත් ටිකක් එකතු කරන්න ඕන. ඒ මොනවද දන්නවද මෙයාට තවත් ෆිල්ම් දෙක තුනක්ම කරන්න හම්බෙලා තියෙනවා කියන කතාව. ළඟම කතාව ඒක. ඒ උනාට ඉතිං හොඳම කතාව ඒක නෙවෙයි. හොඳම කතාව අපි හැමෝම දන්න විදියට ටීනා කියන්නේ සුපර් මොඩ්ල් කෙනෙක් කියන එක.එහෙ බැලුවත් මෙහෙ බැලුවත් ටීනා තමයි ඉතින් හැමතැනම පේන්න ඉන්නේ.
එක කාලයක්ම තිබ්බා එහේ මෙහේ හැම පත්තරේකම වගේ cover page වල, අලුතින්ම එන commercial වල, මොඩ්ලින් ෂෝ එකක් තිබුනොත් එතන හැමතැනම ටීනා තමයි හිටියේ. එහෙම ඉල්ලුමක් ටීනාට තිබුණේ. ඒ ඉල්ලුමේ හැටියට හරි හරියට ටීනාත් එයාගේ වැඩ පෙන්නුවා. ඔය අතරවාරේ එක එක විදියෙ කතා එහෙමත් හරි අපූරුවට එහෙ මෙහෙ යන්න පටන් ගත්තා. හතර අතේ පත්තු වුණා. ඒත් ඉතිං ටීනා නම් ඒවට සැලුනා තියා ඒ ගැන හිතන්නවත් තමන්ගේ time එක වෙන් කළේවත් නෑ.
ඒ කතා පැත්තකින් තියමුකෝ. ඔයාලා සාමාන්‍යයෙන් කොහොමද, කවුරුහරි ඔයාලගේ පරණ දේවල් එහෙම ඇහුවොත් කිසිදෙයක් හංගන්නෙ නැතුව ලෙසටම ඒවා කියලා දානවද? එහෙම නැත්නම් අමතක වුණු පාටකින් හිමින් සීරුවට මාරුවෙලා යනවද. ඒක තියෙන්නෙ තමන්ගෙ අතේ තමයි. ඒ උනාට මතකෙ තියෙන ඒවා අමතක නොවී තිබුනට ඒවා අමතකයි කියන අයත් සමහර දේවල් නොකියාම ඉන්න අයත් දෙගොල්ලම අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තමයි අපි මේ කතා කතාකරන ටීනාත් ඉස්සර දේවල් නම් කතා කරන්න කැමතියි අකමැතියි වගේ. ඒත් සමහර දේවල් නම් කියන්නත් අකමැති වගේ තමයි පේන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඒ අතරේ පරණ දේවල්, රස කතා කියන්නත් අමතක කරන්නේ නෑලු.
මෙයා ඉස්කෝලේ යන කාලෙ ආසම subject එක වෙන්නේ ඩාන්සින්ලු. ඒ කියන්නේ ඉස්සර ඉඳන් නැටුමට තමයි ඉතින් මෙයාගේ හිත තිබිලා තියෙන්නේ. ඒ වගේම අනිත් එක ඉතින් ලෝක සාස්තරේ හැටියට එපාම කරපු subject එක වෙන්නේ ගණිතයලු. ඒ දවස් වල ආසනැති පීරියඩ් වලදි ඔලුව රිදෙනවා, බඩේ අමාරුව වගේ වැඩ ගොඩායිලු. නිදිමතයි කම්මැලියි වගේ අවුලකුත් තියෙනවාලු.
ඒ වුණාට ටීනා ස්කූල් පීරියඩ් කට් කරාට ඉතිං කවදාවත් ටියුෂන් class නම් කට් කරලා නෑලු. මොකද එතකොට කොල්ලො එහෙම ටිකක් එනවාලු. පස්සෙන් එන හින්දා ඉතින් හැඩට වැඩට ලස්සනට ඇඳලා ගිහින් සර් එන්නත් ඉස්සර වෙලා ගිහින් ඉන්නවලු.
අපි දන්න කතාවක්නේ ඕන කෙනෙක්ට කාඩ් එකක් තියෙනවා කියලා. ඔහොම වෙනකොට ගෑනු ලමයින්ට නම් කාඩ් වදින්න තියෙව සීමාව කොහෙද කියලා හිතාගන්නත් බෑ .ඔන්න ඉතින් අල්ලපු ඉස්කෝලේ පිරිමි ළමයි ටික නම් ටීනාට නොම්මර එකේ කාඩ් එකක් ගහලා තිබ්බලු. ඒක එසේ මෙසේ එකක් නෙමේ. මෙයාට ඉස්සර කියලා තියෙන්නේ බූට් ටීනා කියලා. කොහොමද නේද ඒක. කොල්ලන්ට බූට් තියෙනවා කියලාලු කොල්ලො එකතු වෙලා මෙයාට බූට් ටීනා කියලා තියෙන්නේ. කොහොම වුණත් ඉස්කෝලේ පස්සෙන් කාලෙත් එයාට ඒ නම හරියටම හරි ගියාද කියලා නම් අපි දන්නෑ .ඒක ඉතින් දන්නේ ටීනාම තමයි.