
කූඹියෝ කියන්නේ මෑතකදී වඩාත්ම කතාබහට ලක්වුණු ටෙලිනාට්‍යය කිව්වොත් නිවැරදියි.
කූඹියෝ කතා මාලාවේ අවසානය ඉදිරිපත් වූ විලාසයත් එක්ක එහි රසික රසිකාවියන්ට පුංචි ඉඟියක් ලැබුණා. ඒ මෙහි දෙවන කොටසකුත් විකාශය වේවි කියන සැකය. කූඹියෝ අවසන් වුණත් ඊට පස්සේ එහි ටෙලි පිටපත ග්‍රන්ථයක් විදියටත් නිකුත් වෙනවා. ජෙහාන් ලා ප්‍රියන්ත මහඋල්පතගමලා මල්දෙනියලා තවමත් මිනිස්සු අතර.
ඉතින් මේ කියන්න හදන්නේ එහෙම ආරංචි වුණ පුංචි පහේ කසුකුසුවක් ගැන. මේ ආරංචිය ඇත්තක් නම් ඒ සම්බධයෙන් සතුටුවන විශාල පිරිසක් ඉන්නවා. ඒකයි අපි මේ ගැන කියන්න හිතුවේ.
කූඹියෝ දෙවන කොටසක් විකාශය වෙන්නලු යන්නේ. මේ දවස්වල ඒකේ ෂූටින් වැඩ සිදුවෙනවා කියලත් කසුකුසුවක් තියෙනවා. ඒක ලක්මාල්ගේ වෙනත් නිර්මාණයක් ද එහෙමත් නැත්නම් කූඹියෝ දෙවන කොටසද කියන්න හරියටම දන්නේ නෑ. හැබැයි මොකක් නමුත් සිද්ධවෙන බව නම් පේනවා.
අපි ඒ සිද්ධවෙන දේ දිහා ඇහැ ගහගෙන ඉන්නේ. වැඩි විස්තර දැන ගත්ත ගමන් අපි ඔයාලාට කියනවා.