Daily News
Trending

දසුන්ගේ දඬුමොණරෙට නැග්ග ඉන්දියාවේ සීතා..

Dasun Madushan New Song




Dasun Madushan New Song  Exclusive from Starfriends.lk

දැන් තියෙන යුද්ධ වගේ නෙවෙයි ඒ කාලෙත් යුද්ධ තිබුණා. තිබුණත් නිකන් නෙමේ ලේසි නෑ පටලැවිල්ල තිබුණේ වටේ පියාඹන පිස්සු කාක්කොත් එක්ක නෙවෙයි. තනිකරම ගේම් එක තිබුණේ ඉන්දියාවත් එක්ක. නිකමටවත් හිතන්න පුලුවන්ද මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. බෑනේ?…බැරි නම් අවුලක් නෑ .මේ ටිකත් බලන්නකෝ. කොටින්ම කියනව නම් කතාව පත්තු වෙලා තිබ්බෙ ගෑණු පරාණයක් නිසා. පටලැවිල්ලක්…පටලැවිල්ලක්… කතන්දරේ හැටියට නම් තැන් තැන් වල කීයවෙන්නේ රාමාගේ සීතා කුමාරිව ලංකාවේ රාවණා රජ්ජුරුවෝ උස්සගෙන ආවාය කියලා. හැබැයි ඉතින් ඉන්දියාවේ කතා වල නම් තනිකරම ඩෝස් එක දීලා තියෙන්නෙ ඔක්කොම කණපිට.

දැන් දන්නවා නේද මොකක්ද මේ කතන්දරේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ රාම රාවණා සීතා ගැන ගොසිප් එක එක විදිහට ලියවෙන්න පටන් ගත්තා, කියවෙන්න පටන් ගත්තා. සමහර අය ඒවා විශ්වාස කරා. සමහර අය ඒවා ගැන හොයලා බැලුවා. හැබැයි දසුන් මධුෂාන් කියලා තියෙන්නේ ඒ කතාවම වෙනින් විදියකට. බලන් ගියාම රාවණා පැත්තක ඉන්නන කොට හිතාමතාම තමයි සීතා බලෙන්ම වගේ රාවණාට සෙට්⁣වෙලා තියෙන්නේ. දසුන් එහෙම කිව්වට මනූ,.. මනුරංග තමයි කතාව ගොතලා තියෙන්නේ.

දසුන් කියන විදියට මෙන්න මෙහෙමලු සීතා බලෙන්ම වගේ ඇවිත් ඇඟේ එල්ලිලා තියෙන්නේ.

“දවසක්දා මං ආවා
කැළයට වී පොඩ්ඩක් මා නිදි යැව්වා..
සීතා විත් ඇහැරෙව්වා දඬුමොණරෙට ඈ හරි කැමතියි කිව්වා ..
ආයේ යන්න බෑ කිව්වා ලංකාවේ ඉමු කීවා
මෝඩ වෙලා මං හා කිව්වා ග්‍රහයෝ දැන් නීචවෙලා අප්සට් වීලා…
අයියයියෝ මෝඩ වුණා ඩොට් කොම් වීලා
අයියෝ මචං ඇයි අපි මේ යුද්ධ කරන්නේ..
ගැහැනු හින්දා මොකටද මේ වාද කරන්නේ …. “

ඉතින් මෙන්න මේ සින්දුව තමයි දසුන් අලුත්ම විදියට දඬුමොණරේ කියලා එලියට දාලා තියෙන්නේ.. ඔයාලත් අනිවාරෙන් මේකට නම් කැමති වෙයි. ඒකත් එක්කම කියන්න ඕන තවත් දෙයක් තමයි මේ සිංදුවේ විෂුවල් එක නම් අනිත් සිංදුවල වගේ නෙවෙයි. තියෙන්නේ වෙනම විෂුවල් එකක්. තනිකරම ආර්ට් වලින්. මේකෙ art work කරලා තියෙන්නේ randy . ඉතින් පහල Link එකට ගිහින් සිංදුව අහන ගමන්ම දසුන්ගේ සින්දුවට තියෙන ප්‍රතිචාර කොහොමද කියලා වගේම මේකේ artwork එකත් කොහොමද කියලා බලන්නකෝ…

Dasun Madushan New Song  Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close